ග්‍රීන්ස් පරදා ග්‍රේස් ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

ග්‍රීන්ස් පරදා ග්‍රේස් ඉහලට

ග්‍රීන්ස් පරදා ග්‍රේස් ඉහලට

ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ග්‍රීන්ස් හා ග්‍රේස් කණ්ඩායම් අතර ඊයේ(13) පැවති තීරණාත්මක තරගයේදී ලකුණු 81 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ග්‍රේස් කණ්ඩායම සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රේස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 7ක් දැවී ලකුණු 166 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්‍රීන්ස් කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 1ක් අවසානයේදි සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 85ක් පමණයි.

මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැන රැඳී සිටි ග්‍රේස් පිල දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

views

154 Views

Comments

arrow-up