ඉදිරි වසර හතර සඳහාවන ක්‍රිකට් තරඟ කාලසටහන එළියට - ශ්‍රී ලංකාවට ලැබී ඇති තරඟ ප්‍රමාණයන් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

ඉදිරි වසර හතර සඳහාවන ක්‍රිකට් තරඟ කාලසටහන එළියට - ශ්‍රී ලංකාවට ලැබී ඇති තරඟ ප්‍රමාණයන් මෙන්න

ඉදිරි වසර හතර සඳහාවන ක්‍රිකට් තරඟ කාලසටහන එළියට - ශ්‍රී ලංකාවට ලැබී ඇති තරඟ ප්‍රමාණයන් මෙන්න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පුර්ණ සාමාජිකත්වය දරනු ලබන රටවල් 12 සඳහා ඉදිරි වසර 04ක කාලය සඳහා අනාගත තරඟ වැඩසටහන මේවන විට එළිදක්වා තිබේ.

 

2023-2027 දක්වා වන කාල සීමාව තුලදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරන රටවල් 12 ක්‍රිකට් තරඟ 777කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. 

 

එම තරග 777ට ටෙස්ට් තරඟ 173ක්, එක්දින තරඟ 281ක් සහ 20-20 තරඟ 323ක් අයත් වේ. 

 

එමෙන්ම මෙම වසර 04ක කාලය තුළ ශ්‍රී ලංකාව අවම වශයෙන් ටෙස්ට් තරග 28ක්, එක්දින තරඟ 63ක් සහ විස්සයි20 තරඟ 60ක් ක්‍රීඩා කිරිමට නියමිතව ඇත.

 

මේ අතර 2026 වර්ෂයේදී 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වය ඉන්දීයාව සහ ශ්‍රී ලංකාවට නම් කර ඇත.

views

137 Views

Comments

arrow-up