ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ ශූරතාව රෙඩ්ස් කණ්ඩායමට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ ශූරතාව රෙඩ්ස් කණ්ඩායමට

ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ ශූරතාව රෙඩ්ස් කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කුසල් මෙන්ඩිස් නායකත්වය දැරූ රෙඩ්ස් කණ්ඩායම ඊයේ(15) සමත්වුණා.

 

ඒ බ්ලූස් කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයේ කඩුලු 7ක ජයක් වාර්තා කරමිනුයි.

 

පළමුවෙන් පන්දුවට පහරදුන් බ්ලූස් කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 136ක් ලබාගත්තා.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ රෙඩ්ස් කණ්ඩායම ඕවර 16.5ක් අවසානයේ කඩුලු තුනක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය ජය ගත්තා.
 

views

168 Views

Comments

arrow-up