අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව ඉසිපතන විද්‍යාලයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව ඉසිපතන විද්‍යාලයට

අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාව ඉසිපතන විද්‍යාලයට

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉසිපතන විද්‍යාලය සමත්විය.

 

ඒ කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 21-15ක් ලෙස පරාජය කරමිනි.

 

කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේ පළමු භාගයේ රාජකීය විද්‍යාලය ලකුණු 10ට 3ක් ලෙස පෙරමුණේ පසුවිය.

 

නමුත් තරඟයේ දෙවන භාගයේදී තරඟයට දැඩි ලෙස අවතීර්ණ වූ ඉසිපතන කණ්ඩායම ලකුණු 21ක් දක්වා වැඩි කර ගැනීමට සමත් විය.

 

රාජකීය විද්‍යාලයට රැස් කර ගත හැකි වූයේ ලකුණු 15ක් පමණි.

 

ඉසිපතන විද්‍යාලය මෙවර පාසල් ලීක් ශූරතාව ලබාගත්තේ අපරාජිතව සිටිමිනි.

 

views

202 Views

Comments

arrow-up