බැසිල් මන්ත්‍රීධූරයත් අත්හැරීමට සුදානම් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

බැසිල් මන්ත්‍රීධූරයත් අත්හැරීමට සුදානම් වෙයි

බැසිල් මන්ත්‍රීධූරයත් අත්හැරීමට සුදානම් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තාවේ. 

 

ඔහු සමඟ ආණ්ඩුවට සම්බන්ධ ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

 

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහය ලබාදීමෙන් අනතුරුව ඔවුන් එම තීරණය ගැනීමට සූදානමින් සිටින බවත් වාර්තාවේ. 

 

කෙසේවුවත් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුවද හිටපු ඇමති බැසිල් රාජපක්ෂද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තවදුරටත් දේශපාලන කටයුතු සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටින බව අනාවරණය විය.

views

516 Views

Comments

arrow-up