තවත් ප්‍රබල රාජපක්ෂ චරිතයක් දේශපාලනයට සමු දෙයි?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

තවත් ප්‍රබල රාජපක්ෂ චරිතයක් දේශපාලනයට සමු දෙයි?

තවත් ප්‍රබල රාජපක්ෂ චරිතයක් දේශපාලනයට සමු දෙයි?

රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයෙකු තම ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

ඔහු ඉදිරි සති කිහිපය තුළ මන්ත්‍රීධුරයෙන් ඉවත්ව දේශපාලනයෙන්ද විශ්‍රාම යාමට බොහෝදුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග වලින් සඳහන්වේ.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂද පසුගිය බ්‍රහස්පතින්දා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

 

මන්ත්‍රධුරයෙන් ඉල්ලා අස්වුවත් දේශපාලන කටයුතුවල දිගටම නිරතවන බවට ඔහු සඳහන් කළේය.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැරුණුකොට කැබිනට් මණ්ඩලයේද රාජපක්ෂවරුන් කිසිවෙකුත් නොමැති අතර, ඔවුන්ට ඇමතිධුර ලබා නොදීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

 

රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති නාමල් රාජපක්ෂ සහ ,හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරති.

views

626 Views

Comments

arrow-up