CID ලොක්කන්ගේ වැසිකිළි කවුළුවෙන් පැන්න මැණිකේ එදා රෑ ගත කළ හැටි ගැන උසාවියට රහස් ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

CID ලොක්කන්ගේ වැසිකිළි කවුළුවෙන් පැන්න මැණිකේ එදා රෑ ගත කළ හැටි ගැන උසාවියට රහස් ප්‍රකාශයක්

CID ලොක්කන්ගේ වැසිකිළි කවුළුවෙන් පැන්න මැණිකේ එදා රෑ ගත කළ හැටි ගැන උසාවියට රහස් ප්‍රකාශයක්

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා රහස් පොලිසිය වෙත රැගෙන විත් සිටියදී  එහි පස් වන මහලෙන් පැන සිය දිවි හානි කර ගත් කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් ඇයව බලා ගත් කාන්තා පොලිස් නිළධාරිනියන් දෙදෙනා කොටුව මහේස්ත්‍රාත්වරයාට රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

 

රහස් පොලිසියේ රාජකාරි කරන සහ එදින  ඇයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ මෙම කාන්තා නිළධාරිනියන් දෙදෙනා පැය කිහිපයක් මෙලෙස රහස්‍ය ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

 

එහිදී ඔවුන් මෙම අභිරහස් මරණයට අවශ්‍ය වැදගත් කරුණු රැසක් ලබා දී ඇතැයි වාර්තා වන්නේ.

 

මෙම කාන්තාව පැන අත්තේ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරීවරුන් සඳහා පමණක් වෙන් කර ඇති වැසිකිළියක කවුළුවකින් වීම මෙම මරණය ගැන සැකයක් මතුව තිබෙනවා.

 

ඇයට වැසිකිළි යාමට අවශ්‍ය නම් ඇයව රැගෙන යා යුත්තේ සාමාන්‍ය කාන්තා රැදවියන්ගේ වැසිකිළියට බවත් ඇය කෙලෙස මෙම ලොකු මහත්වරුන්ගේ වැසිකිළියට ගියේ කෙසේ දැයි සහ එලෙස යාමට අවශ්‍යතාව මොකක්දැයි මේ වන විට දැඩි ප්‍රශ්ණයක් හට ගෙන තිබෙනවා.

 

පන්නිපිටිය,නාමල් උයන සේදගල පදිංචි අප්සරා මැණිකේ රාජපක්ෂ නැමැති 46 හැවිරිදි කාන්තාවක් මෙලෙස සියදිවි හානිකර ගෙන තිබෙන්නේ.ඇය උකස් හා ආයෝජන මණ්ඩලය ඔස්සේ සිදු කළ රුපියල් මිලියන 700 වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරමින් සිටියදියි ඇය මෙලෙස පැන සියදිවි හානි කර ගෙන ඇත්තේ.

 

views

908 Views

Comments

arrow-up