වසරේ අඩුම බොරතෙල් මිල වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

වසරේ අඩුම බොරතෙල් මිල වාර්තා වෙයි

වසරේ අඩුම බොරතෙල් මිල වාර්තා වෙයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිලෙහි මෙම වසර තුළ අඩුම අගය මේ වනවිට වාර්තා වෙයි.

 

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල අද (28) ඇමරිකානු ඩොලර් 74.11 ලෙස සටහන් විය.

 

එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව වාර්තා වූ අඩු ම මිල මෙයයි.

 

එසේම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 81.36ක් ලෙස සටහන් විය.

 

එම වර්ගයේ බොරතෙල් බැරලයක මෙම වසරේ ජනවාරි මාසයෙන් පසුව වාර්තා වූ අවම මිල මෙයයි.

 

 

views

84 Views

Comments

arrow-up