අත්අඩංගුවට ගැනුණ විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

අත්අඩංගුවට ගැනුණ විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

අත්අඩංගුවට ගැනුණ විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

බොරැල්ල පිහිටි සියලු‍ සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාලව පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ තිබී ආයුධ තොගයක් සොයාගෙන ඇත.

 

ඒවා අතර පිස්තෝල හතරක්, රිවෝල්වරයක්, කඩු දෙකක්, රම්බෝ පිහියක් සහ හදුණාගත නොහැකි ගිනිඅවියක් තිබෙන බව පොලිසිය කියයි.

 

බෝම්බ තැබීමේ සිද්ධියට ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකල දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය.

 

ඉන් පසුව පිළියන්දල ප්‍රදේශයේදී පොලිසිය විසින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබිණි.

views

524 Views

Comments

arrow-up