අවුරුද්දකදී ජීවිත තුන් දාහක් මගමරුවාට බිලි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

අවුරුද්දකදී ජීවිත තුන් දාහක් මගමරුවාට බිලි

අවුරුද්දකදී ජීවිත තුන් දාහක් මගමරුවාට බිලි

 

රිය අනතුරුවලින් වසරකදී මේ රටේ ජීවිත තුන් දහසක් පමණ අහිමි වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.

 

වසරකදී රිය අනතුරු හතළිස් දහසක් පමණ සිදුවන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  මේ අනතුරු හේතුවෙන්  ආර්ථික වශයෙන් රුපියල් කෝටි 8000 ක පමණ පාඩුවක් සිදුවන බවද සඳහන් කළේය.

 

ඔහු මෙසේ පැවසුවේ ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

views

77 Views

Comments

arrow-up