ජැක්සන් ඇන්තනීට පැය 7ක සැත්කමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ජැක්සන් ඇන්තනීට පැය 7ක සැත්කමක්

ජැක්සන් ඇන්තනීට පැය 7ක සැත්කමක්

පසුගියදා රිය අනතුරකට ලක්වු ජැක්සන් ඇන්තනී මහතාට අද(07) කොළඹ ජාතික රෝහලේ දී පැය 7ක ශල්‍යකර්මය සිදුකර ඇති බව වාර්තා වෙනවා.


ඒ මෙම අනතුර හේතුවෙන් ඔහුගේ ගෙලෙහි පසුපස කොටසේ කශේරුකාවන් වල සිදුවී තිබූ හානිය සකස් කිරීම සඳහායි.


ඉන් අනතුරුව ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති බවත් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් වෛද්‍ය අංශ පවසා සිටිනවා.


මෙම අනතුරින් ඔහුගේ ඉල ඇටවලට ද තදබල හානි සිදුවී ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් හෙට දිනය තුළ දී ලබාගත හැකි බවයි ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කර සිටියේ.

views

152 Views

Comments

arrow-up