ඉන්ධන ප්‍රමුඛතාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිගෙන් වාර්තාවක් ඉල්ලයි

ඉන්ධන ප්‍රමුඛතාවය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කර තිබෙනවා.
ඒ අනුව ඉන්ධන මිල දී ගැනීම සහ ඉන්ධන බෙදාහැරීමේ ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂෙත්‍ර කවරේද යන්න පැහැදිලි කෙරෙන වාර්තාව ලබන දොළොස් වැනි දාට පෙර ලබාදිය යුතු බවයි සඳහන් කර තිබෙන්නේ.
ශ්‍රී ලංකා නීති නීතිඥ සංගමයේ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විජිත මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී මෙම තීරණය ලබා දී තිබෙනවා.
ඒ අනුව අදාළ වාර්තාව අධිකරණය හමුවේ ගොනු කිරීමෙන් පසු ලබන 13 වැනිදා විවෘත අධිකරණයේ දී සලකා බලන ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.
18 Views
Comments