කතරගමට එන බැතිමතුන්ට පණිවිඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

කතරගමට එන බැතිමතුන්ට පණිවිඩයක්

කතරගමට එන බැතිමතුන්ට පණිවිඩයක්

 

මැණික් ගඟේ ජලපෝෂක ප්‍රදේශ වලට මේ දින වල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වෙහෙරගල ජලාශය ජලයෙන් පිරීයාම නිසා එහි වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘත කර තිබේ.

 

එමඟින් තත්පරයට ඝනඅඩි එක්දහස් පන්සියයක පමණ ජල ප්‍රවාහයක් මුදාහැරෙන බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පැවසුවේය.

 

මෙම තත්ත්වය මත මැණික් ගඟේ පහළ කොටස ජලයෙන් පිරෙන බැවින් මැණික් ගඟ පරිහරණය කිරීමේදී සැලකිලිමත් වන ලෙස කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් එම දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටී.

views

84 Views

Comments

arrow-up