9 වනදා වර්ජනය ගැන කංචන කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

9 වනදා වර්ජනය ගැන කංචන කියයි

9 වනදා වර්ජනය ගැන කංචන කියයි

පසුගිය ජුනි ජුලි 9 වනදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

එදින විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති විසින් වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළ අතර එදින විදුලිය බිඳවැටීමට අදාළව මෙලෙස විමර්ශනයක් සිදුකරන ලෙසයි අමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබුණේ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීම සඳහා ඊට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් තාවකාලික ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කරන ලෙස ද තමන්ට උපදෙස් ලැබී ඇති බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

 

views

28 Views

Comments

arrow-up