නිවසක් පසුපස වත්තකින් පුවක් ගසේ කඳට යටවී මියගොස් සිටි නාඳුනන පුද්ගලයෙක්ගේ මලසිරුරක් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

නිවසක් පසුපස වත්තකින් පුවක් ගසේ කඳට යටවී මියගොස් සිටි නාඳුනන පුද්ගලයෙක්ගේ මලසිරුරක් හමුවෙයි

නිවසක් පසුපස වත්තකින් පුවක් ගසේ කඳට යටවී මියගොස් සිටි නාඳුනන පුද්ගලයෙක්ගේ මලසිරුරක් හමුවෙයි

කහතුඩුව, වෑතර ප්‍රදේශයේ නිවසක් පසුපස වත්තක කඩා වැටුණු පුවක් ගසක කඳට යටවීමෙන්   මියගොස් සිටි නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගත් බව කහතුඩුව පොලිසිය පවසයි.

 

මෙම පුද්ගලයා පුවක් ගසට නැගීමට උපයෝගී කරගත් රෙදි වලින් තනන ලද වළල්ලක් සහ පුවක් ගෙඩි දෙසීයක් පමණ අඩංගු පෝර උරයක්ද පොලිසිය සොයාගෙන ඇත.

 

එම නිවසේ සියලුදෙනා අනුරාධපුරය වන්දනාවේ යාමට නිවසින් පිටත් වීමෙන් පසු අසල්වාසියෙකු නිවස පිටුපස වත්තට පැමිණ සිටියදී ඇතිවූ දුගදක් හේතුවෙන් ඒ පිළිබද සොයා බැලීමේදී  පුවක් ගසේ කඳට යටවී සිටි මෙම පුද්ගලයා දැක තිබූ බව පොලිසිය පවසයි.

 

නිවසියන් ගමන අත්හැර දමා නැවත පැමිණ ඒ බව පොලීසියට දැනුම් දීමට කටයුතු කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 

සිරුර සොයා ගන්නා විට නරක් වී තිබූ බවත් මෙම පුද්ගලයා දින තුන හතරකට පෙර මිය යන්නට ඇති බවට සැක කරන බවත් පොලිසිය කියයි.

views

614 Views

Comments

arrow-up