පොලිස් නිලධාරීන්ට බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

පොලිස් නිලධාරීන්ට බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවක්

පොලිස් නිලධාරීන්ට බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවක්

පොලිස් නිලධාරීන්ට බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බව පොලිස් වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ පවසයි.

 

පොලිස් නිලධාරීන්ගෙන් 20% ත් 30% ත් අතර පිරිසකට බො නොවන රෝග වැළඳී ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

 

පොලිස් නිලධාරීන් අතර බෝ නොවන රෝග වැඩි වශයෙන් ඇති වීමට හේතුව ඔවුන්ගේ රැකියාව තුළ ඇති අවිවේකී බවත් වැඩි වශයෙන් පවතින පීඩනය නිසාත් නිසි වේලාවට විවේකය හා ආහාර ඇතුළු පහසුකම් ලබා ගැනීමට නොහැකි වීමත් බව වෛද්‍යවරයා පෙන්වා දී තිබුණි.

 

කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවැති පොලිස් නිලධාරීන්ගේ අක්ෂි රෝග පිළිබඳ පරීක්ෂා කිරීමේ වැඩසටහනක දී වෛද්‍ය ශාමේන්ද්‍ර රණසිංහ මෙම අදහස් පළ කර තිබුණි.

 

views

79 Views

Comments

arrow-up