මහ දහවලේ තමාවම කොල්ලකා ගත්තේ කැසිනෝ ගහලා පැරදුණු හින්දාද? (වීඩියෝ සහිතයි)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

මහ දහවලේ තමාවම කොල්ලකා ගත්තේ කැසිනෝ ගහලා පැරදුණු හින්දාද? (වීඩියෝ සහිතයි)

මහ දහවලේ තමාවම කොල්ලකා ගත්තේ කැසිනෝ ගහලා පැරදුණු හින්දාද? (වීඩියෝ සහිතයි)

යතුරුපැදික පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු තමාගේ මුදල් පැහැර ගත් බව පවසමින් සිය සේවා ආයතනයේ ලක්ෂ 23 කට අධික මුදලක් වංචාකළ විධායක නිලධාරියෙකු මීගහවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම සැළසුම් සහගත කොල්ලය සීසීටීවි කැමරාවල සටහන්ව තිබෙනවා.මෙම තැනැත්තාගේ උපදෙස් මත් ඔහුගේම හිතවතුන් දෙදෙනෙකු ඔහුගේ ආයතනය ඉදිරිරියට පැමිණ තිබෙනවා.

 

මොහු රුපියල් 5000ක් දැමු බෑගයක් රැගෙන කොල්ලකරුවන් අසලටම යනවා.

 

එහිදී ඔවුන් මොහුට පහර දී යතුරුපැදියෙන් එම ස්ථානයෙන් පලා යනවා.

 

කොල්ලකරුවන්ගෙ පසු පස මොහුද දිව යනවා හෙයියන්තුඩුව ප්‍රදේශයේ පිහිටි අදාළ සමාගමේ රුපියල් ලක්ෂ 23ක මුදලක් හා රුපියල් අසූහතරදහසක් වටිනා චෙක්පතක් බැංකුවට තැම්පත්කිරීමට යාමේදී මෙම කොල්ලකෑමට තමා ලක් වූ බව ඔහු පොලිසියට පැවසා තිබුණා.

 

මොහු විසින් මෙම කොල්ලකෑම බිරිඳගේ සහෝදරයෙකු සමග හවුල්ව සිදුකර ඇති බව පසුව හෙළි වුණා බිරිඳගේ සහෝදරයා පුද්ගලයන් දෙදෙනෙකුට මෙම කොන්ත්‍රාතුව භාර දී තිබෙනවා මෙම පුද්ගලයා කැසිනෝ සූදුවට ඇබ්බැහි වූ අයෙක්

 

 

views

777 Views

Comments

arrow-up