කාණ්ඩ 4කට බෙදා පැයයි විනාඩි 45ක් විදුලි සැපයුම නෑ - ලංවිම කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

කාණ්ඩ 4කට බෙදා පැයයි විනාඩි 45ක් විදුලි සැපයුම නෑ - ලංවිම කියයි

කාණ්ඩ 4කට බෙදා පැයයි විනාඩි 45ක් විදුලි සැපයුම නෑ - ලංවිම කියයි

විදුලි උත්පාදනයට අවශ්‍ය කරන ඉන්ධන නොමැතිවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා පවසනවා.

 

මේ වෙනවිට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරය සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව අක්‍රිය තත්ත්වයේ පවතිනවා.

 

ඒ අනුව කාණ්ඩ හතරකට යටත්ව පස්වරු 2.30 සිට 9.30 දක්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

එම සැලසුමට අනුව සෑම විදුලි පාරිභෝගිකයෙකුට ම පැයයි විනාඩි 45ක කාලයක්  විදුලි සැපයම නොමැතිව සිටීමට සිදුවනවා.

 

කෙසේ නමුත් රෝහල් ආදී අත්‍යවශ්‍ය හදිසි මහජන සේවා සිදු කරන ස්ථාන වෙත විදුලිය අඛණ්ඩව ලබා දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

views

2187 Views

Comments

arrow-up