කොරෝනා වෛරසය ජීව අවියක් ලෙස යොදා ගන්න චීන විද්‍යාඥයින් සාකාච්ඡා කළ බවට තොරතුරු හෙළිවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

කොරෝනා වෛරසය ජීව අවියක් ලෙස යොදා ගන්න චීන විද්‍යාඥයින් සාකාච්ඡා කළ බවට තොරතුරු හෙළිවේ

කොරෝනා වෛරසය ජීව අවියක් ලෙස යොදා ගන්න චීන විද්‍යාඥයින් සාකාච්ඡා කළ බවට තොරතුරු හෙළිවේ

වර්තමානයෙන් සමස්ත ලෝකයටම බලපෑම් එල්ල කරමින් පවතින කොරෝනා වෛරසය විද්‍යාත්මක අවියක් ලෙස යොදා ගැනීම පිළිබඳව මීට වසර 5කට පෙර චීන හමුදා විද්‍යාඥයන් සහ සෞඛ්‍ය නිලධාරීන් සාකච්ඡා කර ඇති බවට The Australian නැමැති ඕස්ට්‍රේලියානු පුවත්පත වාර්තා කළා.

 

ඒ අනුව මීට වසර 5 කට පෙර ලියන ලද චීන ලේඛනයක් උපුටා දක්වමින් ඕස්ට්‍රේලියානු පුවත්පත වාර්තා කර තිබෙන්නේ මෙම ආයුධය සාම්ප්‍රදායික ආයුධ හා සැසඳීමේ දී ඒවා නිෂ්පාදන පිරිවැය 0.05%ක තරම් ප්‍රමාණයක් ගන්නා බව චීන විද්‍යාඥයින් දැන සිටි බවයි.

 

 

එමෙන්ම මෙමගින් වර්ග කිලෝමීටරයක් ප්‍රමාණයකට විශාල හානියක් සිදුකර හැකි බව චීන විද්‍යාඥයින් සහ සෞඛ්‍ය නිලධාරීන් සාකච්ඡා කර තිබෙන බවද මෙම පුවත්පත වාර්තා කර තිබෙනවා.

 

මෙවැනි ආයුධයක් තැනීමේ දුෂ්කරතා පිළිබඳවද සාකච්ඡා කර තිබෙන බවයි ද ඕස්ට්‍රේලියන් පුවත්පත වාර්තා කළේ.

 

කෙසේ නමුත් මෙම ලේඛනය රචනා කරන ලද ලේඛකයන් 18 දෙනෙකු පිළිබඳව හෙළි කර ඇති මෙම වාර්තාව මගින් ඔවුන් 18 දෙනාම චීන මහජන විමුක්ති හමුදාවේ විද්‍යාඥයින් බවද ප්‍රකාශ කර තිබෙනවා.

 

අදාල ලේඛනයේ ප්‍රධාන කර්තෘ වරයා ලෙස ෂු ඩෙෂොං නැමැති චීන PLA හමුදාවේ කථිකාචාර්යවරයෙකු නම් කර තිබෙනවා. අදාල ලේඛනය පිටු 261 කින් යුක්ත වන අතර එහි සඳහන් කර ඇති පරිදි ජනගහනය මිලියන 5 ක් පමණ සිටින නගරයකට මෙවැනි ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කළහොත් 100 000 ක පමණ මරණ සංඛ්‍යාවක් ලබා ගත හැකි බව ද සඳහන් කර තිබෙනවා.

 

මෙවැනි ප්‍රහාරයක් මගින් සැලකිය යුතු කාලයක් ජනතාව බියෙන් ජීවත්වන බවත් එහිදී ඔවුන් මානසික දුර්වලතාවයට ද පත් වන බවත් සඳහන් කර තිබෙනවා.

 

මෙම ඕස්ට්‍රේලියානු පුවත්පත වාර්තා කර ඇති තොරතුරු සහ අදාල ලේඛනය පිළිබඳ තොරතුරු ව්‍යාජ නොවන බව ඕස්ට්‍රේලියානු ක්‍රමෝපායක ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂ පීටර් ජෙනිස් ප්‍රකාශ කර තිබෙන බවද වාර්තා වනවා.

views

3288 Views

Comments

arrow-up