බීමත් කැබ් රියදුරා යතුරුපැදියේ ගිය අම්මයි පුතයි මරු තුරුලට යවයි - කැබ් රියේ පැටළුණු යතුරුපැදිය මීටර් 900ක් දුරට ඇදගෙන ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

බීමත් කැබ් රියදුරා යතුරුපැදියේ ගිය අම්මයි පුතයි මරු තුරුලට යවයි - කැබ් රියේ පැටළුණු යතුරුපැදිය මීටර් 900ක් දුරට ඇදගෙන ගිහින්

බීමත් කැබ් රියදුරා යතුරුපැදියේ ගිය අම්මයි පුතයි මරු තුරුලට යවයි - කැබ් රියේ පැටළුණු යතුරුපැදිය මීටර් 900ක් දුරට ඇදගෙන ගිහින්

පිටිගල - ඇල්පිටිය මාර්ගයේ අමුගොඩ මහා විද්‍යාලය අසලදී පසුගිය 17 වනදා රාත්‍රියේ කැබ් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියේ ගමන්කල මව සහ පුතා ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පිටිගල පොලිසිය කියයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ සව්සිරි උයන, මිරිස්වත්ත, බෙන්තොට පදිංචි ඈපාගේ අනුෂා වසන්ත නම් 47 හැවිරිදි කාන්තාව සහ ඇයගේ පුතු වන ටිකිතන්තිරි මහසාමිලාගේ කවිඳු උදේශික නමැති 21 හැවිරිදි අ.පො.ස උසස් පෙළ හදාරමින් සිටි සිසුවෙකි.

 

කැබ් රිය ඇල්පිටිය සිට පැමිණ ඇති අතර යතුරුපැදිය පිටිගල දෙස සිට ගමන් කර ඇත. 

 

කැබ් රථය සහ යතුරුපැදිය අනතුරට ලක්ව තිබෙන්නේ අමුගොඩ මහා විද්‍යාලය අසලදීය. 

 

කැබ් රථය යතුරුපැදිය මීටර් නවසීයක් දුරට ඇදගෙන ගොස් ඇතැයි පැවසෙයි. අනතුරුව අමුගොඩ විහාරය අසල කැබ් රථය නවතා එහි රියැදුරු පලා ගොස් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

කැබ් රථයේ රියැදුරා රථය පදවා ඇත්තේ අධික බීමතින් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. 

 

රියැදුරු ඊයේ (18) ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව 

views

15706 Views

Comments

arrow-up