ශ්‍රී ලංකාව ආහාර උද්ධමනයෙන් ලෝකයේ හයවැනි තැනට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

ශ්‍රී ලංකාව ආහාර උද්ධමනයෙන් ලෝකයේ හයවැනි තැනට

ශ්‍රී ලංකාව ආහාර උද්ධමනයෙන් ලෝකයේ හයවැනි තැනට

ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව හයවන තැනට පැමිණ ඇතැයි ලෝක බැංකු නවතම වාර්තාව කියයි.

 

එම වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 86 කි. ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.

 

ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානය හිමිකරගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 321 කි.

 

දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙළින් සියයට 208 ක් සහ 158 ක් වේ. තුර්කියේ ආහාර උද්ධමනය 99%ක් වන අතර, ආජන්ටිනාවේ 87%කි.

 

මෙම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය යන රාජ්‍යයන් ශ්‍රී ලංකාවට පහළින් සිටී.

 

මෙම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය පිළිවෙළින් අටවෙනි සහ නවවෙනි ස්ථාන දිනා ගෙන ඇති අතර එම රටවල ආහාර උද්ධමනය පිළිවෙළින් සියයට 41ක් සහ 40 ක් වේ.

views

53 Views

Comments

arrow-up