සුන්දර සමකට පෝෂණය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

සුන්දර සමකට පෝෂණය

සුන්දර සමකට පෝෂණය

සම යනු මිනිස් ශරීරයේ ඇති සංවේදී මෙන්ම ඉතා වැදගත්ම අංගයයි. කාන්තාවන්ට විශේෂයෙන්ම සම කියන්නේ ආභරණයක් බදු වූ දෙයක්. ඉතින් මේ සම රැකගන්නට අපි විවිධ වූ දේවල් කරනා අතරතුරදී සම ස්වාභාවිකවම ලස්සන කරන්නට නම් පෝෂණ ගුණයෙන් සපිරි සෞඛ්‍ය සම්පන්න වූ ආහාර වේලක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක්. කාර්යබහුල වූ ජීවිතයක් ගතකරන අප ආහාරයට ගන්නා දේ පිළිබඳව නිසි සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් පෝෂණ ඌනතාවයන් ඇතිවීමට ඇති ඉඩකඩ ඉතාමත්ම වැඩියි. සම වියළීම, සුදු මැලි වීම , කැසීම , සම රතු පැහැ වීම , සම රැලි වැටීම වැනි ලක්ෂණ ඔබටත් ඇත්නම් එය ඔබගේ සමට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් අඩු බව ඔබට අඟවන සංඥාවක් විය හැකියි.

 

නිරෝගී සමක් සඳහා අපට අවශ්‍ය වන විටමින් හා ඛනිජ ලවණ වර්ග මොනවාද ? ඒ පිළිබඳවත් අප දැනුවත් වෙමු

 

  •  විටමින් B - සමෙහි ඇති වියළි බව නැතිකරමින් සම කැසීම වැනි දේ අවම කරයි.
  •  විටමින් C - සමෙහි කොලජන් ක්‍රියාවලිය දියුණු කරයි.
  •  සින්ක් - සම සුවපත් සහ අළුත්වැඩියාව සිදු කරයි.
  •  මැග්නීසියම් - සම ඉදිමීම වැනි දෑ අවම කිරීමට උපකාරී වීම.
  •  කොපර් - ඉලාස්ටීන් යනු සමෙහි ව්‍යුහයට ලබා දෙන ප්‍රෝටීනයකි. මෙය වර්ධනයට මෙන්ම වර්ණක සෑදීමට බෙහෙවින්ම උපකාරී වේ.
  •  ‍ෙප්‍රා්ටීන - කොලජන් හා ඉලාස්ටීන් නිපදවීමට උපකාරී වේ.
  •  ප්‍රතිඔක්සිකාරකයන් - සම ආරක්ෂා කිරීම හා සම වයසට යාමද වැළැක්වීමට උපකාරී වේ.
  •  ඔමේගා 3 - වියළි සම නැවතත් යථා තත්වයට පත් කර නිසි පෝෂණය ලබා දීම සිදු කරයි.

 

 

මෙම පෝෂ්‍ය පදාර්ථ අපට ලබා ගත හැකි වන්නේ කෙසේද ?

 

ලොව පෝෂ්‍යදායිතම ආහාර වේල ගන්නා පිරිස ලෙසින් හදුන්වන්නේ නෝර්ඩික් ආහාර වේලයි. එය අනෙකුත් රටවල් වල ආහාර වේල විශේෂයෙන්ම බටහිර රටවල ආහාර වේල් වලට වඩා දෙගුණයක් තන්තු හා විටමින් , ඛනිජ ලවණ හා ඔමේගා 3 වලින් බහුල බව පැවසෙනවා. එයින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය ඉතාමත්ම යහපත් බවත් සඳහන් වනවා. එළවළු , පළතුරු , බෙරි වර්ග , රනිල කුලියට අයත් බෝග , අර්තාපල් , මාළු හා වෙනත් මුහුදු ආහාර , අඩු මේද සහිත කිරි හා රැප්සයිඩ් තෙල් සෑම ආහාර වේලකටම අන්තර්ගත කරගනී. එබැවින් ඔබත් ඔබේ ආහාර වේල මේ ආකාරයෙන්ම සකසා ගනිමින් ඊට අමතරව අප රටට ආවේණික වූ දේශීය ආහාර හා පලා වර්ගද ආහාර වේලට එකතු කරගන්නත් අමතක කරන්න එපා.

 

ඔබට අමතර පෝෂණය සඳහා යම් හෙයකින් මල්ටිවිටමින භාවිතා කරන්නට පෙර ඔබගේ වෛද්‍යවරයාගේ අනුමැතිය අනුව ලබා ගන්න. එහෙත් පෝෂ්‍ය පදාර්ථ වලින් පිරි ආහාර වේලක් වෙනුවට භාවිතා කිරීම නොකළ යුතු බවත් මතක් කරනවා. ඔබේ සමට අවශ්‍ය ප්‍රතිඔක්සිකාරක ප්‍රධාන ලෙස එළවළු හා පළතුරු වර්ගවල ඇත. අපගේ සෛලවලට හානි වීමෙන් ආරක්ෂා වීමට උපකාරී වන ප්‍රබලතම පෝෂකයක් ලෙස ප්‍රතිඔක්සිකාරක හැඳින්විය හැකියි. මීට අමතරව දිනපතා ජලය වීදුරුවක් ඔබගේ දෛනික ක්‍රියාවලියට එක් කරගැනීම එතරම්ම අපහසු කාර්යයක් වන්නේද නැත. දිනකට ජලය වීදුරු 08 ක් පානය කිරීමෙන් සමෙහි වියළීම නවත්වයි. මේ ආකාරයට පෝෂ්‍යදායී ආහාර වේලක් හා ජලයද හොඳින් පානය කිරීමෙන් ඔබට සෞඛ්‍ය සම්පන්න හා දිදුලන සමකට හිමිකම් කියන්නට හැකි වනු ඇත.

 

 

 

 

 

 

 

 

by Kausalya De Silva

Photo source : Internet

views

798 Views

Comments

arrow-up