අඩු නින්ද තරබාරු බවට හේතුවක් බව දන්නවාද?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

අඩු නින්ද තරබාරු බවට හේතුවක් බව දන්නවාද?

අඩු නින්ද තරබාරු බවට හේතුවක් බව දන්නවාද?

කෙනෙකුට සුව නින්දක් නිතර නොලැබුණාම එය සිරුරේ ලේ ගමනාගමනයට , මතකයට වගේම සමාජ සම්බන්ධතා වලටත් නරක විදියට බලපාන බව දැන් බොහෝ අය දන්නා කරුණක්.


 ඔන්න ඉතා මෑතකදී ස්පාඤ්ඤයේ  වෛද්‍ය විද්‍යාඥයින් පිරිසක් මෙහෙයවූ පර්යේෂණකින් හොයාගෙන තියෙනවා බර අඩුකරගන්න මිනිසෙකුගේ හොඳම මිතුරා නින්ද බව.


 මේ ගැන පරීක්ෂණ වාර්තා නිකුත් කර තිබෙනවා . මේ පොඩි පහේ පර්යේෂණයක් නම් නෙවෙයි. වැඩිහිටියන් 1986  ක් අවුරුද්දක් පුරා යොදාගෙන තමයි මේක සිදු කරල තියෙන්නෙ.


මේ හැමෝම තරබාරු මට්ටම හිටපු අයයි. ඒ අයව වසරක් පුරා කැලරි අඩු ගුණදායී ආහාර වේල් එක්ක ව්‍යායාම වැඩසටහනක් යොමු කළා. මේ පිරිස නින්ද අනුව කොටස් දෙකකට වෙන් කළා. පිරිසක් පැය හයකට වඩා අඩු නින්දක් ලැබූ අතර අනෙක් අය සාමාන්‍ය විදිහට පැය 7 - 8ක හොඳ නින්දක් ලැබුවා. වසර පුරාම ඔවුන්ගේ ශරීර බරත් ශරීරයේ මේද තැන්පතුවත් සටහන් කළා. ඉතින් වසරකට පස්සේ කරපු වාර්තාවලින් පෙනුනේ අඩු නින්දක් ලබපු අයගේ බර අඩු වීම අනෙක් කණ්ඩායමට සාපේක්ෂව ඉතා අඩු බවයි.  ඒ අයගේ මේද තැන්පතුවත් සාපේක්ෂව අඩුවෙලා නැහැ.


ඒ වගේම මීට කලින් සිදු කරපු පර්යේෂණවලින් සොයාගෙන තිබේනවා අඩු නින්ද ශරීරයේ බර වැඩි කර ගන්න හේතු වෙනවා කියලා. මේකටත් හේතු ගොඩක් එ් අය ඉදිරිපත් කරලා තිබුණා.


හරි නින්දක් නොලැබුණාම දවල් දවසේ කටයුතු කරන්න ඇඟ වෙහෙස වන්න මේ අයට මහන්සි වැඩියි. ඉතින් කිසිම ව්‍යායාමයක් නැතිව ඔහේ ඉන්නවා! ඒ වගේම  අවදි ව ඉන්න වෙලා වැඩි නිසා කම්මැලිකමටත් එක්ක තව තවත් කෑමට මේ අය යොමු වෙනවා. සම්බර නින්දක් නොලැබුණාම ශාරීරික පරිවෘත්තිය ක්‍රියා, හොමෝන අසමබරතාවයක් ඇති වෙනවා. මේවා ඍජුවම ශරීරයේ බර වැඩිවෙන්න හේතුවෙනවා.


ඉතින් අවම වශයෙන් පැය 7 ක්වත් සමබර නින්දක වටිනාකමක් ඔබට දැන් තෙරෙනවා ඇති.
තවද මානසික සුවය, මානසික එකාග්‍රතාවය,තියුණු අවධානයක් වගේම ප්‍රතිශක්තිකරණ ඉහල දාන්නත් , සමබර නින්දක් වැදගත් වෙනවා.

සමබර නින්දක් ලබන්න අපට මොනවද කරන්න පුළුවන් ?


- හොද නින්දක් ලැබුණු පසු තවත් නිදා නොගැනීම.
- හැකි තරම් සෑම රාත්‍රියකම එකම වේලාවට නින්දට යෑම.
- දවස පුරා, කාමරයේන් බැහැරව ශාරීරිකව ක්‍රියාශිලි විම.
-ව්‍යායාම, විනෝදංශ හෝ වෙනත් ක්‍රම මගින් මානසික අතතිය අඩු කරගැනීම.
- දුරකතනයට රාත්‍රියට විවෙකයක් දී ඇඳ මායිමෙන් ඉවත තබා නින්දට යෑම.


ඉතින් මේ දේවල් වලට අමතරව ගොඩක් මුදල් වියදම් කරලා බර අඩුවෙන පෙති , බෙහෙත්, ව්‍යායාම උපකරණ ගන්න වෙලේ  ඔබේ නින්ද ගැන වැඩි අවධානයක් දීලා බලන්න. දවල් දවසට පරිසරයත් එක්ක ඉන්න. පුළුවන් වෙලාවට එළිමහන් ඇවිදින්න. පොඩි පොඩි දුර වල් වාහනයකින් යන්නේ නැතුව ඇවිදින්න හුරුවෙන්න . අනිවාර්යෙන්ම ඔබට ශාරීරික මෙන්ම මානසික සුවයකුත් ලැබෙයි!.

 

views

686 Views

Comments

arrow-up