සුරූපී නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

සුරූපී නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

සුරූපී නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට මුදල් විශුද්ධිකරණ චෝදනා

ඉන්දියානු රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව  චූදිතයෙකු ලෙස සුරූපී බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබේ.

 

ඇය එලෙස චූදිතයෙකු ලෙස නම් කර ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පම් ගැනීමේ චෝදනාවලට ලක්ව සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහි මුදල් විශුද්ධිකරණ කිරීමේ නඩුවටයි.

 

සුකේෂ් චන්ද්‍රසේකර් විසින් කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ක්‍රියාවන්ගෙන් උපයාගත් මුදල්වලින් ඉන්දීය රුපියල් කෝටි 5.71ක විවිධ තෑගිබෝග ජැක්ලින් ෆර්නැන්ඩස් හට ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

එම තෑගි අතර ඉන්දීය රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු සහ ඉන්දීය රුපියල් ලක්ෂ 09ක් වටිනා පර්සියානු බළලෙකු ද සිටින බවට වාර්තා වේ.

 

 

 

 

views

145 Views

Comments

arrow-up