රුහුණු කතරගම පෙරහැරට මොණර නැටුම් ඉදිරිපත් කළ සසඳිගේ සංවේදී කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

රුහුණු කතරගම පෙරහැරට මොණර නැටුම් ඉදිරිපත් කළ සසඳිගේ සංවේදී කතාව

රුහුණු කතරගම පෙරහැරට මොණර නැටුම් ඉදිරිපත් කළ සසඳිගේ සංවේදී කතාව

ඓතිහාසික රුහුණු කතරගම පෙරහැරට මොණර නැටුම් ඉදිරිපත් කළ කණ්ඩායමේ කැපී පෙනෙන නර්තන ශිල්පිනියක් වුණ සසඳි උදයංගනි මෙරට පමණක් නොව මුළු මහත් ලෝකයේම අවධානය දිනා ගැනීමට මේ වන විට සමත් ව තිබේ.

 

සසඳි කැපී පෙනෙන්නේ නර්තනයට පමණක් නොව ඊට නොදෙවෙනි රූප සොභාවකට ද හිමිකම් කියන නිසයි.

 

ශ්‍රවන ආබාධයකින් පෙළෙන සසඳි දියණිගේ කතාව සංවේදී වන්නේ ඇයට කතා කිරීමට නොහැකි වීම නිසාය.

 

ඇය නර්තනයේ නිරත වන බව බණ්ඩාරගම මස්විල රන්තරු කලායතනයේ නර්තන ආචාරිනී  නදීකා දිල්රුක්ෂි ප්‍රකාශ කළේ ශිල්පීන් 16 දෙනෙතුගෙන් යුත් මොණර නර්තන කණ්ඩායමේ හොඳම නර්තන හැකියාව පෙන්නු සසඳි පෙරහැර නැරඹීමට පැමිණි කාගෙත් අවධානය දිනා ගැනීමට සමත් වූ බවයි.

 

ඇය වැඩිදුරටත් පැවසුවේ සසඳි කලා ආයතනයට ලොකු ආඩම්බරක් වන අතර ශ්‍රවන ආබාධයකින් පෙලෙන ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන බවයි.

 

සසඳිගේ මව වන අරෝශා උදයංගනී මහත්මිය ප්‍රකාශ කළේ සසඳි ගැන තමාට ලොකු ආඩම්බරයක් දැනෙන බවත් ඇය ශ්‍රවන ආබාධිත දරුවෙකු වුවත් අද ලොවම දන්නා ඇගේ දුව ගැන හිතන විට විශාල සතුටක් දැනෙන බවයි.

 

සසඳිට ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර එයින් ඇයට යම් කිසි සුවයක් ඇති බවත් ඇය ප්‍රකාශ කරයි.

 

තම දියණිය සුව කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරන බවත් ඇගේ එකම බලාපොරොත්තුව වන්නේ සසඳි නර්තනයෙන් ඉදිරියට ගොස් රටට වැඩදායි පුද්ගලයෙකු කිරීම බවත් ඇය පවසයි.

 

ඇගේ දරුවාට අත හිත දෙන්න කියා ප්‍රවීණයන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

 

සසඳිගේ පියා සජිත් ඉන්දික මහතා පැවසූයේ සසඳි නර්තන හැකියාවට පමණක් නොව වාදන හැකියාවට ද දක්ෂ බවයි.

 

සසඳිට ශ්‍රවන ආබාධයක් තිබුණත් තමාට එහෙම දෙයක් නොපෙනෙන බවත් සසඳ ගැන ලෝකෙම කතා කරන විට පියෙකු වශයෙන් උපරිම සතුටක් ලබන බවත් ඔහු පවසයි.

 

සසඳි වගේ ම තවත් මෙවැනිම ආබාධ සහිත දරුවන් අප අතරෙන් සිටින අතර ඔවුන්ට සමාජයේ සම තැන ලබා දීමට කටයුතු කිරීම අප සැමගේ යුතුකමකි.

 

 

 

 

views

1177 Views

Comments

arrow-up