සිහිනෙන් පැමිනි මව කියූ නිධානය හෑරූ පිය පුතු දෙදෙනා මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

සිහිනෙන් පැමිනි මව කියූ නිධානය හෑරූ පිය පුතු දෙදෙනා මාට්ටු

සිහිනෙන් පැමිනි මව කියූ නිධානය හෑරූ පිය පුතු දෙදෙනා මාට්ටු

මීට වසර කිහිපයකට පෙර මියගිය තම මව සිහිනෙන් පැමිණ නිවසේ කාමරය පිහිටි ස්ථානයේ පොළොව තුළ වටිනා වස්තු සහිත නිධානයක් තිබෙන බව පැවසීම නිසා එම කාමරය තුළ නිධන් හාරමින් සිටි 65 හැවිරිදි විශ්‍රාමික පොලිස් රියදුරෙකු හා 35 හැවිරිදි ඔහුගේ පුත්‍රයකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

 

පසුව ඔවුන් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

අනුරාධපුර කලැත්තෑව මිහිඳු මාවතේ නිවසක කාමරයක් තුළ පුද්ගලයන් දෙදෙනෙකු නිධන් හාරමින් සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබී තිබුණු තොරතුරකට අනුව පොලීසිය විසින් එම ස්ථානය වැටලීම සිදු කර ඇත.

 

වැටලීම සිදුකරන අවස්ථාවේ පුද්ගලයින් දෙදෙනා අට්ටාලයක් සකස් කරගෙන පොළොව කණිමින් සිටි බව පොලිසිය පවසා තිබෙනවා.

 

එම ස්ථානයේ අඩි 4 1/2 ක් පළල සහ අඩි 4 ක් දිග අඩි 15 ක ගැඹුරකින් යුතු වලක් හාරා තිබූ බවත් එම වල පතුලේ අඩියක පමණ උසකට ජලය ද රැඳී තිබූ බවත් පොලීසිය දැක තිබේ.

 

එම ස්ථානයේ කළ කැණීම් වලින් ලබාගත් පස් ඔවුන් විසින් නිවසේ තබාගෙන ඔවුන්ට අයත් පැළ තවානක විකිණීම සඳහා පැකට් කර තබා තිබූ බවටද පොලීසය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

 

පොලිස් ප්‍රශ්න කිරීම් වලදි ඔවුන් පවසා තිබුණේ, මීට වසර කිහිපයකට පෙර මියගිය තම මව විසින් නිධානයක් ඇති බවත් අවස්ථා කිහිපයකදීම තමාට සිහිනෙන් පැමිණ පැවසූ බවයි.

 

එම හේතුවෙන් ඔවුන් විසින් තරියන්කුලමේ පිහිටි දේවාලයකට ගොස් සාස්තරයක්ද බැලූ බවත් එම අවස්ථාවේදී නිදන කාමරයෙහි නිධානය ඇති බවට පූජකවරයා පැවසූ බවත් ඒ හේතුවෙන් නිදන කාමරය ඔවුන් විසින් හෑරූ බවත් ඔවුන් විසින් පොලීසියට පවසා තිබෙනවා.

 

එම ස්ථානයේ තිබී නිදන් හෑරීම සඳහා භාවිතා කළ අලවංගු උදලු ලණු බාල්දි ඇතුළු උපකරණ කිහිපයක්ද පොලීසිය සිය බාරයට ගෙන තිබෙනවා.

views

912 Views

Comments

arrow-up