බුද්ධ ධර්මය හා සිංහල ඇතුලුව විශයන් 9ටම “ඒ සාමාර්ථ” ලැබූ මුස්ලිම් සිසුවිය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

බුද්ධ ධර්මය හා සිංහල ඇතුලුව විශයන් 9ටම “ඒ සාමාර්ථ” ලැබූ මුස්ලිම් සිසුවිය

බුද්ධ ධර්මය හා සිංහල ඇතුලුව විශයන් 9ටම “ඒ සාමාර්ථ” ලැබූ මුස්ලිම් සිසුවිය

(අ.පො.ස) සාමාන්‍ය පෙළ විභාගයේදී බුද්ධ ධර්ම විෂය ඇතුලු‍ සියලු‍ විෂයන් නවයටම “ඒ සාමර්ථ” නවයක් ලබා ගැනිමට වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දියණිය සමත්වුවාය.

 

ඇගේ පියා වැල්ලවාය නගරයේ පාපැදි අලු‍ත්වැඩියා කරන ලබන වැඩපලක් පවත්වාගෙන යන අයෙකු වන අතර මව ගෘහනියක්වේ.

 

පවුලේ දෙවැනියා වන අයිෂා අමිනා දියණිය තම ජයග්‍රහණය සම්බන්ධව මෙලෙස පැවසුවාය.

 

“මම විභාගයට පෙර සිටම අරමුණක් තිබුණා.

එක අරමුණක සිට කටයුතු කළා. මට ඉලක්කයත් තිබුණා. වැඩිපුර විභාග ප්‍රශ්න පත්‍රවලට හොඳින් පෙනි සිටියා.

බුද්ධ ධර්මය විෂය උගන්වපු ජිනරතන ස්වාමින් වහන්සේ, ඉදුනිල්, නුවන්, සුපුන්, නලින්, ලාලක, පංතිභාර ගුරුතුමා සුපුන් සර්, අංශ ප්‍රධාන මංජුල යන සර්ලා මේ ජයග්‍රහණය පිටිපස්සේ හිටියා. යාලු‍වෝ වගේ උදව්කලා.

මට නිදහසේ අධ්‍යපන කටයුතු කරගන්න උදව්කරපු මගේ දෙමව්පියන්ට ස්තුතිය පුදකර සිටිනවා.

 

ප්‍රශ්නපත්‍ර වැඩිපුර කරන්න ගුරුවරුන්ට කීකරුවෙලා වැඩකරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.

මගේ අනාගත බලාපොරොතුව ඉංජිනේරුවරියක් වෙන්න. ඒ වෙනුවෙන් ගණිත විෂය උසස්පෙළට හදාරන්න සුදානම් වෙනවා.

views

1151 Views

Comments

arrow-up