ටෙනිස් ලොවේ විලාසිතා මැවූ ලොව ප්‍රකට ටෙනිස් තරුව දිවි සැරිය නිමා කරයි

ඉතාලි ටෙනිස් තරුවක් සහ නිරූපිකාවක් ලෙස ප්‍රකට Lea Pericoli අවසන් ගමන් ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
1950 සහ 60 ගණන්වල අතිශය ජනප්‍රිය වූ ඇය මිය යන විට වයස අවුරුදු 89 පසුවූවා.
ඉතාලියේ ප්‍රමුඛතම ක්‍රීඩිකාවන් අතර නම රැන්දූ ඇය ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් 16 දෙනා අතරට දෙවරක් ද විම්බල්ඩන් ශූරතාවලිය සඳහා තුන් වතාවක් ද පැමිණීම විශේෂයි.
1935 මාර්තු 22 වැනි දින මිලානෝ හි උපත ලද පෙරිකෝලි පසුව ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක් සහ මාධ්‍යවේදියෙකු ලෙස ද කටයුතු කර තිබුණා.
එමෙන්ම ඇය විලාසිතා නිරූපිකාවක් ලෙසද කැපී පෙනුණා.
196 Views
Comments