නිවැසියන්ගේ අකමැත්තෙන් දියණිය විවහ කර ගන්න ආ දික්කසාද බෑනාට නැන්දම්මාගෙන් ඇසිඩ් සංග්‍රහයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

නිවැසියන්ගේ අකමැත්තෙන් දියණිය විවහ කර ගන්න ආ දික්කසාද බෑනාට නැන්දම්මාගෙන් ඇසිඩ් සංග්‍රහයක්

නිවැසියන්ගේ අකමැත්තෙන් දියණිය විවහ කර ගන්න ආ දික්කසාද බෑනාට නැන්දම්මාගෙන් ඇසිඩ් සංග්‍රහයක්

තමන් ඇතුළු සියලුම ඥාතීන්ගේ අකමැත්ත මත තම එකම දියණිය විවාහ කර ගැනීමට පැමිණි බෑනාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් බිබිල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

 

නිවැසියන්ගේ අකමැත්ත මත වුවද මොහු විසින් බලහත්කාරයෙන් අදාළ තරුණිය විවාහයට පත් කර ගැනීමට දින ද මේ වන විට නියම කොට ගෙන ඇති අතර මීට උරණ වූ ඇයගේ මව විසින් එම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

 

මෙම පුද්ගලයා මීට පෙර කසාදයක් කොට පසුව නීත්‍යානුකූලව දික්කසාද වූ අයකු බවයි සැලකෙන්නේ.එසේම මොහු එක්දරු පියකු ද වෙනවා.

 

මොහු නොසිතූ පරිදි එක් දිනක රාත්‍රියේ මෙම ඇති ප්‍රහාරයට ලක් වී ඇති අතර ඔහු මේ වන විට බරපතල තුවාල සහිතව ප්‍රතිකාර ලබනවා.

 

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ නැන්දම්මා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

15674 Views

Comments

arrow-up