නිවසේ තනිව සිටි කාන්තාවක් පුටුවක ගැටගසා තවත් කාන්තාවක්ම කල අපරාධය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

නිවසේ තනිව සිටි කාන්තාවක් පුටුවක ගැටගසා තවත් කාන්තාවක්ම කල අපරාධය

නිවසේ තනිව සිටි කාන්තාවක් පුටුවක ගැටගසා තවත් කාන්තාවක්ම කල අපරාධය

කාන්තාවක් තනිවම වාසය කරන නිවසකට කඩාවැදී ඇයව පුටුවක ගැටගසා පිහියකික් හිසට පහරදී තුවාල සිදු කර මුදල් කොල්ලකෑ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිස් වසමට අයත් වෙලේවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

වයස අවුරුදු 65 ක් වන වින්දිත කාන්තාව නිවසේ හුදකලාව සිටින අවස්ථාවක  කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පැමිණ ඇයව පුටුවක ගැටගසා පහරදී රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් සොරකම් කර තිබෙනවා.

 

මංකොල්ලකරුවන්ගේ පිහි පාරෙන් තුවාල ලද කාන්තාව රෝහල් ගත කර ඇති අතර සිද්ධියට සම්බන්ධ කාන්තාව සහ පිරිමි පුද්ගලයා කවුරුන් ද යන්න හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.

 

සිද්ධියේ ප්‍රධාන සැකකරු කොළඹ කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අනෙක් පුද්ගලයා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

views

1459 Views

Comments

arrow-up