ඉගෙන ගන්න වයස අදාලද? - එකටම උපාධිය ගත් අම්මයි පුතයි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

ඉගෙන ගන්න වයස අදාලද? - එකටම උපාධිය ගත් අම්මයි පුතයි (VIDEO)

ඉගෙන ගන්න වයස අදාලද? - එකටම උපාධිය ගත් අම්මයි පුතයි (VIDEO)

ජෝර්දාන් කාන්තාවක් තම දරුවා සමඟ Yarmouk විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

 

සයදරු මවක් වන Samira Nusairat  ට ඇගේ වයසේ බොහෝ දරුවන් පාසල් යද්දී, වයස අවුරුදු 15දී අවාසනාවන්ත ලෙස පාසල් අධ්‍යාපනයට සමුදීමට සිදුවී තිබේ.

 

නමුත් අධ්‍යාපනය ලබාගැනීමේ උත්සහය කිසි විටෙකත් අත්නොහැරිය ඇය Yarmouk විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට පෙර ඇගේ පුතා වන Mo’ath සමඟ නැවත වරක් උසස් පාසලක අධ්‍යාපන කටයුතු ආරම්භ කර ඇත.

 

පසුව ඔවුන් දෙදෙනාම Yarmouk විශ්ව විද්‍යාලයට ඇතුලත්වී අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ උපාධිය සහ ශාස්ත්‍රපති උපාධි සම්පූර්ණ කිරීමට සමත් විය.

 

“මම මගේ පුතා සමඟ එකම විෂයයන් ඉගෙන ගත්තා, දේශන ගණනාවකදි එකිනෙකා හමු වුනා, විශ්ව විද්‍යාල ජීවිතය ඉතා සුන්දර එකක්” බව Samira Nusairat  විදෙස් මාධ්‍යක් වන ස්කයි නිවුස් හමුවේ  පවසා තිබේ.

 

ඔවුන් දෙදෙනාගේ මීලඟ බලාපොරොත්තුව ආචාර්ය උපාධිය එකට සම්පූර්ණ කිරීම බව Samira Nusairat වැඩිදුරටත් පවසා ඇත.

 

 

 

views

176 Views

Comments

arrow-up