APR
01
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුනක මිල පහළට

සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටි යන ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනෙහි මිල වහාම ක්‍රියාත්මක වන පරිදි පහත දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කොට සිටී.
ඒ අනුව පෙර රුපියල් 220.00 ක්ව පැවති සුදු සීනි කිලෝවක නව මිල රුපියල් 200.00 ක් වන අතර, රුපියල් 340.00 ක් ලෙස පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 310.00 ක් ලෙසත්, රුපියල් 230.00 ක් ලෙස පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 210.00 ක් ලෙසත් පහත දමා ඇති බව වාර්තා වේ.
306 Views
Comments