APR
07
"ලංකාව ස්ථාවර වෙන පාරේ ඉන්නේ" ආසියානු සංවර්ධන බැංකුව උපුටා දක්වමින් අමාත්‍ය සියඹලාපිටිය කියයි

පැවති ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට තරමක් ස්ථාවර මගකට යොමුව ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව විසින් සහතිකයක් ලබා දී තිබෙන බව මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇත.
ආසියානු සංවර්ධන බැංකුව විසින් නිකුත් කළ අප්‍රේල් මස වාර්තාවේ එය සඳහන් කර ඇති බව අද දින රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කොට තිබේ.
මීට අමතරව මේ මස රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි දීමනා ලබන සඳුදා ලබා දෙන බවට මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
311 Views
Comments