රෝස බද්ධ කිරීම
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

රෝස බද්ධ කිරීම

රෝස බද්ධ කිරීම

සමහර අවස්ථාවන්වල මොනතරම් මහන්සි වුනත් කැමතින රෝස මලක සුන්දරත්වය අත්විඳින්න රෝස පැළයක් සිටුවා ගන්න බැරි වෙන්න පුළුවන්. මේ කාර්යය ඒ තරමටම ක්‍රමානුකූලව කළ යුතුයි. නමුත් පහසුවෙන මව් ශාකයේ වඩාත් සරුවට දකින ලැබෙන කොටසක් සාර්ථකව බද්ධ කිරීමෙන් ලොකු රෝස ප්‍රචාරණයක් සිදු කරන්න පුළුවන්. රෝස වගා කළ හැකි වඩාත් විශ්වසනීය සහ සාර්ථකම ක්‍රමය වන්නේ මෙයයි. විවිධ වර්ගවල රෝස ප්‍රචාරනයේදී අනුගමනය කළ යුතු එකිනෙක වෙනස් ක්‍රම තියෙනවා. කාගේත් නෙත ගැටුණු විට පැල කරන්න ආස හිතෙන තරමේ ලොකු රෝස ප්‍රචාරණයට බද්ධ ක්‍රමය වඩාත් ඵලදායකයි.


හැබැයි රෝස වවන්න මොන තරම් උනන්දු වුනත් රෝස බද්ද කිරීම ගැන නිසි අවබෝධයක් නැහැ. රෝස බද්ද කිරීමේ ක්‍රම ගණනාවක් තිබුණත් ඒ අතරින් බොහෝ විට උපයෝගී කරගන්නේ T බද්ධය. මෙහිදී සිදුවන්නේ වල් රෝස ගසක කඳේ T හැඩයට කළ කැපුමක් තුළට පැළකර ගතයුතු රෝස ගසකින් වෙන් කරගත් අංකුරයක් සහිත පොතක් බද්ධ කිරීමක්. මෙවැනි බද්ධ කිරීමක් සාර්ථකවීමට අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තියෙනවා.

මෙහි පළමු පියවර සිදුකල යුත්තේ ග්‍රාහකය සහ අනුජයට අවශ්‍ය රෝස ශාකය තෝරා ගැනීමයි. ග්‍රාහකයට අවශ්‍ය පැළය තෝරා ගැනීමේදී සාමාන්‍යයෙන් වැඩුනු නිරෝගී ශාකයකින් අඟල් 8ක පමණ දිග වල් රෝස අතු කැබැල්ලක් තෝරාගැනීම සුදුසු වෙනවා. බද්ධ කිරීමට සති දෙකකට පමණ පෙර ග්‍රාහක ශාකයට යූරියා පොහොර යෙදීමෙන් ශාකයේ පොතු ගැලවීම පහසු වෙනවා. මෙහිදී අංකුර ලබාගන්නා ශාකද නිරෝගී එකක් දැයි සොයා බලන්න. එහි ශාක පත්‍ර කොටස් සති දෙකක් තුනක් පෙර ඉවත් කිරීමෙන් අංකුර වර්ධනය කරගන්න පුළුවන්. ග්‍රාහකයේ කටු සහ පත්‍ර එකක් පමණක් ඉතිරි වන ලෙස පත්‍ර ඉවත් කරන්න. ග්‍රාහක කදෙහි T හැඩයට කළ කැපුමක් යොදන්න. දැන් බද්ධ පිහියක් ආධාර කරගෙන මව් ශාකයෙන් අනුජ අංකුරයක් වෙන්කරගන්න. මෙහිදී රෝස ශාකයට ඉතා තුනී පොත්තක් නිසා මව් ශාකය ලී කොටසක් සමග සමග අංකුරයක් වෙන්කර ගන්න පුළුවන්. ඊළඟට T හැඩයට කළ කැපුම තුළට ලබාගත් අනුජ අංකුර බද්ධ පිහියක ආධාරයෙන් සීරුවට ඇතුළු කරන්න. අනතුරුව එහි බද්ධ පටි උපයෝගී කරගෙන පහළ සිට ඉහළට ඔතන්න. සති දෙක තුනකට පසු බද්ධය සාර්ථක නම් පොලිතීන් පටිය ගලවා අංකුර පමණක් පිහිටන සේ යළී වෙළුමක් යොදන්න. අංකුර ලියලාගෙන වැඩෙන විට වල් රෝස ගසේ ඉහළ කොටස කපා වෙන් කළ යුතු වෙනවා. රෝස පැල බද්දය කළ මුල් අවස්ථාවේ සිටම ජල සම්පාදන ප්‍රමාණවත් ලෙස සහ සෙවන ප්‍රමාණවත් ලෙස තිබිය යුතු වෙනවා.

 

 

 

 

 

 

by Dilki Shamani

views

684 Views

Comments

arrow-up