ඇත්තටම විදුලි ආඳෙක් ඇල්ලුවොත් අපට විදුලිසැර වදිනවාද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
05

ඇත්තටම විදුලි ආඳෙක් ඇල්ලුවොත් අපට විදුලිසැර වදිනවාද?

ඇත්තටම විදුලි ආඳෙක් ඇල්ලුවොත් අපට විදුලිසැර වදිනවාද?

විදුලි ආඳ කිව්වම ඇත්තමටම අපි ගොඩක් දෙනා මේ ගැනාහල තිබුනත් මේ කියන සතාව ඇත්තටම දැකල තියෙන්නෙ ඒ කියන පුද්ගලයන් අතරෙන් ඉතාමත් සුලු ප්‍රමණායක් දෙනා තමයි. ඒ නිසම තමයි මම අද මේ විදුලි ආඳ කියන සත්වයා ගැන ඇත්තටම සවිස්තරාත්මක විස්තරයක් ගෙන එන්න හිතුවෙ. මුලින්ම කියනවනම් ගොඩක් දෙනාට තිබෙන ප්‍රශ්නයක් තමයි මේ සතාගෙන් ඇත්තටම විදුලියක් නිකුත් වෙන්වද කියන එක​. එහෙම නැත්තම් ඒක කටකතාවක්ද විතරක් කියන එක​. හොදයි මේ සියල්ලක් ගැනම මම ඉතාම පැහැදිලිව ඔබට විස්තර කරන්නම්.

 

විදුලි ආඳ කියන සත්ත්ව වර්ගය වැඩි වශයෙන්ම ජීවත් වෙන්නෙ ජලයේ. ඒ කියන්නෙ මුහුදු වල වගේම ගංගා වල තමයි වැඩි වශයෙන්ම අපට මෙම සත්තවය දැක බලා ගන්න පුලුවන් වෙන්නෙ. දැන් ඔබට නැගෙන ප්‍රශ්නය තමයි මොහු ඉන්නෙ මුහුදු වල සහ ගංගා වල කිව්වට ඒ කොහෙද කියන එක​. මේ අපේ රට වටාම තිබෙන මුහුදෙ සහ අප රට තුළ තිබෙන ගංගා වලත් ඉන්නවද කියන එක​. ඇත්තම කිව්වොත් ඒකට පිලිතුර නැහැ. මොකද මෙම සත්වයා දැනට වැඩි වශයෙන්ම හමු වෙලා තිබෙන්නෙ දකුණු ඇමරිකාවේ ඇමර්සන් නදියේ ඉතා සුලු ස්ථාන කීපයකින් පමණයි. ඉතින් මෙම සත්ත්වයා ඉතාම දුර්ලබ සතෙක් කිව්වොත් මම නිවැරදී. ඒ වගේම තමයි තවත් විශේෂම දෙයක් තියනව සදහන් කරන්න​. ඒ තමයි මෙම සත්ත්වයාට ගැඹුරු ජලයේ වගේම නොගැඹුරු මඩ සහිත ජලයේ පවා ඉන්නට පුලුවන්. ඒකත් මොහුගේ දක්නට ඇති විශේෂයක්.

 

 

ඉතින් ඔබ හිතන්නෙ මෙම ආඳ කොච්චර දිගකින් යුක්තව හැදෙනවා කියලද මෙම සත්වයා මීටර් 2.5 පමණ දිගකින් යුක්තව ලොකු වෙනවා. ඒ වගේම තමයි මොහුගේ බර කිලෝග්‍රෑම් 20ක් විතර බරයි. ඉතින් දැන් අපි බලමු අපේ ප්‍රධාන ප්‍රශ්නය වෙන විදුලිය නිපදවීමේ හැකියාවක් මේ සතාට තියනවද නැද්ද කියන එක පිලිබදව​. ඒකට පිලිතුර තමයි ඔව්. මොහුගේ ඇගේ ඇත්තටම විදුලිය නිපදවන්න හැකි අවයව පිහිටල තියනවා. හැබැයි ඒ විදුලිය ගැන කතා කිරීමෙදී ඇතමෙකුට කියන්න පුලුවන් මෙම විදුලි ආදෙක් නිකුත් කරන විදුලිය මරණීය නැහැ කියල​. මේ කතාව තරමක් දුරට සත්‍ය වෙන්න පුලුවන් නමුත් සෑම විටම එය සත්‍යයි කියල තහවුරු කරන්න බැහැ. ඒ මොකද කියනව නම් මෙම විදුලි ආදෙක් ආකාර 3කින් විදුලිය පිට කරනවා කියල කිව්වොත් ඔබ විස්වස කරනවද​. මොහුට පුලුවන් ප්‍රමාණ 3කින් විදුලිය පිට කරන්න​. ඉන් පලමු ආකාරය තමා මොහු තමාගේ ගමන් මග හොයා ගැනීමටත් මේ විදුලි පාවිච්චි කරනවා. ඒක ඉතාම කුඩා විදුලි සැරක්. එයින් නම් මිනිසෙකුට හානියක් ඇති වීමේ හැකියාවක් කොහෙත්ම නැහැ.

 

මීලගට මොහුගේ දෙවෙනි විදුලි සැර නිකුත් කිරීම යොදා ගන්නෙ එම සත්වයාගේ ආහාර සපයා ගැනීමේ ක්‍රියාවලියට. ඒ කියන්නෙ යම් ගොදුරක් අවශ්‍ය වූ විට එය අඩපණ කිරීමට තමයි මේ කියන දෙවෙනි විදුලි සැරය පාවිච්චි කරන්නෙ. ඒකෙනුත් මිනිසෙකුට එතරම්ම හානියක් වෙනවා කියල කියන්න බැහැ. ​ඔන්න ඊළගට තමයි මොහු මිනිසෙකුට මාරාන්තික වන විදුලි සැර නිකුත් කරන්නෙ. ඇත්තම කිව්වොත් ඒක එම සත්ත්වයා පාවිච්චි කරන්නෙ තමාට කාගේ හෝ ගොදුරන් වී කියල හැගුනු විට තමා. ඒ කියන්නෙ මෙම සත්වයාට කරදයක් ඇති වුනොත් තමා මේක පාවිච්චි කරන්නෙ. මේක ඉතාමත් ප්‍රබල විද්‍යුතයක්. වොට් 400ක පමණ බලයක් එහි ඇති බව පරීක්‍ෂකයින් හොයාගෙන තියනවා. කෙසේ නමුත් එම විදුලි සැර නිකුත් කරන වෙලාවෙ ඒ අවට මීටර් 3 ආශ්‍රිතව ඉන්න කෙනෙක් පවා අංශබාගයට ගොදුරු වීමට ඉඩ තියනවා. දැන් ඔබට හිතා ගන්න පුලුවන් මේ කියන විදුලි ආදෙක් ඇල්ලුවොත් මොකද වෙන්නෙ කියන එක​.

 

 

 

 

 

 

views

727 Views

Comments

arrow-up