පෘථිවිය පිළිබඳ වැදගත් කාලීන ප්‍රස්තුත
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

පෘථිවිය පිළිබඳ වැදගත් කාලීන ප්‍රස්තුත

පෘථිවිය පිළිබඳ වැදගත් කාලීන ප්‍රස්තුත

පුද්ගලයන් වශයෙන් අප සියල්ලන්ගේම නිවහන පෘථිවියයි. පුද්ගලයන් මෙන්ම සතා සිවුපාවා ගෙද ගහකොළ ද යනාදී සෑම දේකම නිවහන පෘථිවියයි. එම නිසාවෙන් පෘථිවිය පිළිබඳව වැදගත් කාලීන ප්‍රස්තුත පිළිබඳව ලබන දැනුවත්භාවය ඉතාමත් වැදගත්.

ඕසෝන් ස්ථරය තුනී වීම,

ඕසෝන් ස්ථරය පෘථිවියේ සිට සැතපුම් 12-35 අතර ඉහළකින් පිහිටා ඇත. එය ඔක්සිජන් වායුව සතු විශේෂ ස්වභාවයකි. සූර්යයා වෙත සිට විහිදෙන පාරජම්බුල කිරණවලින් පෘථිවිය ආරක්ෂා කරන්නේ මෙම ස්ථරයයි. එම කිරණ පෘතිවියට කෙලින්ම පතිත වීම නිසා පෘථිවියේ වසන මනුෂ්‍ය, සත්ත්ව, ශාක යන ජීව කොට්ඨාස හැමට හානි සිදුවේ. මනුෂ්‍ය හා සත්ත්ව ජනකොටස්වලට පිළිකා හට ගැනීම පොදුවේ හැම ජීව කොට්ඨාශයකම වර්ධනය බාල කිරීම හා ආහාර දාම බාධා කිරීම ආදියට එම කිරණ මුල් වේ. ඕසෝන් ස්ථරය පළුදු වෙමින් ඇති බව විද්‍යාඥයෝ කියති. ඊට හේතුව මිනිසා ඕසෝන් ස්ථරයට හානි කරන වායු සහ රසායන භාවිතා කිරීමයි. ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් යන නමින් හැඳින්වෙන රසායනය එවැන්නකි. දැනට ඕසෝන් ස්ථරය පළුදු වීම යනුවෙන් ප්‍රකාශ වන්නේ පෘථිවියේ ධ්‍රැව ආසන්නයේ ඕසෝන් ස්ථරය තුනී වීමෙන් විවර හට ගැනීමයි. අහිතකර සූර්ය කිරණ පෘථිවියට ගලන්නේ එම සිදුරු තුළිනි. මුහුදේ උෂ්ණත්වය ඉහළ යාමෙන් එහි ජීවීන්ට හානි සිදුවන අතර පෘථිවියේ උෂ්ණත්වය වැඩි වී එහි ජීවීන්ට අහිතකර වූ වාතාවරණයක් හට ගැනීම ද සිදු විය හැක.

වායු දූෂණය,

පෘථිවියේ වායුන් නොවේනම් එහි කවරාකාර හෝ ජීවියෙකු පහළ වන්නේ නැත. පෘථිවිය මත වසන සියලුම ජීව වර්ග පවතින්නේ ඔක්සිජන් නිසයි. ඒ ඒ ජීවියා විසින් ගනු ලබන ආහාර ශක්තිය බවට පමුණුවන්නේ ඔක්සිජන් විසිනි. මනුෂ්‍යයන් විසින් ඔක්සිජන් ආශ්වාස කොට කාබන්ඩයොක්සයිඩ් හා ජලවාෂ්ප ප්‍රශ්වාස කරති. ඒ දෙවර්ගය ශාක වල පැවැත්මට ඉතා වැදගත් ය. ශාක ඒවා උපයෝගී කරගෙන ශක්තිය නිපදවන අතර එය ප්‍රභාසංශ්ලේෂණය යනුවෙන් හැඳින්වේ. මෙහිදී ශාක විසින් පිට කෙරෙන ඔක්සිජන් මනුෂ්‍යයාට ඉතා වැදගත්ය. මේ වැදගත්කම කොතරම් වුවද අද මනුෂ්‍යයා තම කටයුතු නිසා තමන් අවට ඇති තමන්ගේ පැවැත්මට අවශ්‍ය වායුගෝලය දූෂණය කරති. කම්හල් හා මෝටර් රථ ආදියෙන් පිටවන කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් ,ලෙඩ් ඔක්සයිඩ්, සල්ෆර්ඩයොක්සයිඩ් හා nitric oxide ආදී අපවායු වලින් වායුගෝලය දූෂණය වී ඇත. අද ලොව බොහෝ රටවල මනුෂ්‍යයෝ ශ්වසන ආබාධ, ස්නායු ආබාධ හා පිළිකා ආදියෙන් පෙළෙන්නේ මේ නිසාවෙනි.

වන විනාශය,

මිනිසාට ඔක්සිජන් සැපයීම, වැස්ස හටගැන්වීම, ජල උල්පත් රැකීම යන කටයුතු වලට මහෝපකාරී වන ගහකොළ අවිචාරයෙන් කපා දැමීම පරිසර දූෂණයට ප්‍රබල හේතුවක් වී ඇත. අධික ගස් කැපීම නිසා ලොව බොහෝ රටවල් මුඩු බිම් හා කාන්තාර ඇති වෙමින් තිබේ.

ජල දූෂණය,

අවිචාර ලෙස කම්හල් අපද්‍රව්‍ය, කෘෂිරසායන, රසායනික පොහොර, ඛණිජ තෙල් හා මිනිස් සත්ව අපද්‍රව්‍ය මුදා හැරීම නිසා ලොව මුහුදු ඇළදොළ ගංගා විල් පොකුණු ආදියෙහි ජලය දූෂණය වී ඇත. මෙය ජලජ ජීවීන්ට මෙන්ම ජලය පරිභෝජනය කරන මිනිසුන්ට ද මහත් අනතුරකි. අනාගත ලෝකයේ පානීය ජලය හිඟ වන බව විද්‍යාඥයන්ගේ මතයයි.

භූමි දූෂණය,

කැලිකසල කාර්මික සුන්බුන් හා පොලිතීන් ආදිය නිසා ලොව සෑම රටකම භූමිය දූෂිත වී තිබේ. භූමිය මත ගොඩගැසෙන ද්‍රව්‍යවලින්, කැලි කසලින් හා කාර්මික සුන්බුන් වලින් දූෂණය වන භූමියක යටින් තැන්පත්ව ඇති ජල තට්ටුවද දූෂණය වේ. එසේම යටකී ද සත්ත්ව හා ශාක ජීවිත කෙරෙහි අනිටු බලපෑමක් ද කරයි. පොලිතීන් ආහාරයට ගැනීම නිසා මුවන් සහ ගවයන් යනාදී සත්ව වර්ග මියයන බව වාර්තා වී ඇත.

මෙවැනි ප්‍රස්තූත සියල්ලක්ම පාහේ ඇති වන්නේ මිනිසාගේ නොසැලකිලිමත්භාවය සහ පරිසරයට නොදක්වන ආදරය නිසාවෙනි. එමගින් යම් දිනෙක විනාශ වන්නේද මිනිස් සංහතියම වෙයි. එවිට ඔවුන්ට ඔවුන් කළ දේ ඇති බරපතලකම තේරුම් යනු ඇත.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

views

801 Views

Comments

arrow-up