ඔබ දන්නවා ද ඔබේ ඉඩමට තවත් කෙනෙකුට අයිතිවාසිකම් කියන්න හැකි බව
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

ඔබ දන්නවා ද ඔබේ ඉඩමට තවත් කෙනෙකුට අයිතිවාසිකම් කියන්න හැකි බව

ඔබ දන්නවා ද ඔබේ ඉඩමට තවත් කෙනෙකුට අයිතිවාසිකම් කියන්න හැකි බව

වර්තමානයේ බොහෝ නඩු ගොනු කර ඇත්තේ යම් යම් ඉඩම් ආරවුලක් සම්බන්ධවයි. අපි එදිනෙදා එතරම් සැලකිල්ලක් නොදක්වන ඉතාමත් සුළු කාරණා නිමක් නැති ඉඩම් නඩු වෙත අපව ගෙන යනවා. මේ නිසා ඉඩම් නඩු වලට අදාළ ප්‍රධාන කාරණා හා ඊට සම්බන්ධ නීතිමය පසුබිම ගැන දැනුවත් භාවය අපි සියලු දෙනාටම අත්‍යාවශ්‍ය වෙනවා. ඉඩමකට බලපාන ආරවුලක් උද්ගත වී තිබීම නිසා සාමය කඩ වී ඇති අවස්ථාවක හෝ සාමයට තර්ජනයක් වී ඇති අවස්ථාවක 1979 අංක 44 දරණ ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනතේ 66 වන වගන්තිය යටතේ නඩු පවරනු ලැබේ. එම නඩු තීන්දුවට අනුකූලව පහත කරුණු සම්බන්ධයෙන් නඩු පැවරිය හැක.


1.යම් ඉඩමක හෝ ඉඩම් කොටසකට හෝ සන්තයකට ඇති අයිතිවාසිකම් පිළිබඳව.
2. එහි පිහිටි ගොඩනැගිලි පිළිබඳව.
3.ඉඩමේ නැතහොත් ඉඩම් කොටසේ මායිම පිළිබඳව වූ යම් ඉඩමක වගා කිරීමට ඇති අයිතිවාසිකම පිළිබඳ.
4.යම් ඉඩමක බෝගවලට හෝ ඵලදාවට ඇති අයිතිවාසිකම පිළිබඳව


මෙම වගන්තිය යටතේ නඩු පැවරිය යුත්තේ ඉඩම පිහිටි ප්‍රදේශයේ ප්‍රාථමික අධිකරණය හෝ ප්‍රාථමික අධිකරණයක් නොමැති අවස්ථාවක මහේස්ත්‍රාත් අධිකරණයේදීය. ඉඩම් ආරවුලක් මුල්කරගෙන ඇතිවන ගැටලුවකදී අදාළ පාර්ශ්වයන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය විසින් සාමය කඩවීම පදනම්කරගෙන නඩුව ගොනු කරනු ලබයි. එසේ පොලිසිය විසින් නඩු පැවරීමක් සිදු නොකළ විට ආරවුලට සම්බන්ධ පාර්ශවයන්ට තනිව නඩුව ගොනු කළ හැක. යම් පාර්ශවයක් විසින් පෞද්ගලිකව නඩු පවරා ඇති විට මුල් අවස්ථාවේදීම තොරතුරු ලේඛන ගොනු කර තිබෙන නිසා එහි වගඋත්තරකරුවන්ට දිවුරුම් ප්‍රකාශ ගොනු කිරීමට හැකියාව ලැබේ.

 

එසේම පාර්ශවයන් අතර සමථයකට එළඹීමේ අවස්ථාවක් ලෙස සියලු පාර්ශවයන්ගේ කැමැත්ත මත අදාළ ස්ථානය පරීක්ෂා කර බලා සුදුසු ආඥාවක් නිකුත් කිරීමට ගරු අධිකරණයට ස්ථාන පරීක්ෂාවක් නියම කළ හැක. සාමාන්‍යයෙන් යම් ඉඩමක භුක්තිය පිළිබඳ කාරණා සලකා බැලීමේදී සැබෑ භුක්තිය තිබුනේ කාටදැයි සලකා බලයි. මේ අනුව ඉඩමකට යම් පුද්ගලයෙකු බලහත්කාරයෙන් ඇතුළු උවද ආරවුල සිදුවූ දින සිට මාස දෙකකට අතීතයේ සලකා බැලීමේදී ඔහු එහි භුක්තිය පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වේ නම් සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ තැනැත්තාට භුක්තිය හිමිවේ. මේ නිසා ඔබේ හිස් ඉඩමක් තිබේ නම් ඒ පිළිබඳ නිතර සොයා බලා වැට මායිම් ආදිය සකස් කර එය ඔබ භුක්ති විඳින බව අන් අයට ඒත්තු ගැන්විය යුතුය. ඔබ සතු ඉඩමක් හෝ දේපළක් තවත් අයකුට අයිතිවාසිකම් යෑමට නොහැකි වන පරිදි භුක්තිවිදීම ඔබ සතු වගකීමකි.

 

 

 

 

 

 

by Dilki Shamani

views

831 Views

Comments

arrow-up