පිරිමින් වඩාත් කැමති ස්ත්‍රී ශරීර අංග
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

පිරිමින් වඩාත් කැමති ස්ත්‍රී ශරීර අංග

පිරිමින් වඩාත් කැමති ස්ත්‍රී ශරීර අංග

ඈත අතීතයේ සිටම චිත්‍ර ශිල්පීහු, කවීහු හා ලේඛකයෝ ගැහැණියකගේ රූප ස්වභාවය දැක එය ඉතා ඉහළින් අගය කළහ.ඉතා සිත් ඇද ගන්නා කවි , කතා රචනා කළහ . සිත්තරුන් නිමවන ලද ලොව පුරා ඇති ගැහැනියගේ මූර්ති හා සිත්තම් ඉතා අගනා නිර්මාණයන් ය. ඔවුහු සියලු දෙනාම එම සිත් ඇද ගන්නා රූප ස්වභාවය දුටුවහ. නමුත් ඇගේ බුද්ධිමත් බව හෝ වෙනත් අගය කළ හැකි ගුණාංග නුදුටුවහ. නමුත් විසිඑක්වන සියවසේ ගැහැනිය  මෙම රාමුවෙන් මිදී ඉදිරියට යමින් සිටියි .

මේ අතර පිරිමින් ලිංගිකව උත්තේජනය වන හා ඔවුන් වඩාත් ආශා කරන කාන්තාවන් තුළ ඇති භෞතික ලක්ෂණ ඇත.

 

1. මනා යෝග්‍යතාවයෙන් යුතු ශරීරය

 

මෙහි දී ශක්තිමත්, සුමුදු ,මනා ස්වරූපයක් ඇති, මදක් බරැති සිරුරක් ඇති ගැහැණුන් ඔවුහු බලාපොරොත්තු වෙති. කෘෂ ශරීර කෙරෙහි පිරිමින් දක්වන්නේ නොසතුටු හැගීමකි.

 

2. ආකර්ෂණීය දෙතොල්

 

 

දෙතොල් බාහිරට පෙනෙන සේ පිහිටා ඇති එකම ක්ෂීරපායි විශේෂය මිනිසාය. අනෙකුත් සියලුම ක්ෂීරපායින්ගේ දෙතොල් මුඛය තුලට වන්නට පිහිටා ඇත. මෙහිදී සත්ත්ව විද්‍යාඥයින් ගේ අදහස වන්නේ දෙතොල් යනු ස්ත්‍රී යෝනියෙහි කැඩපතක් බවයි. දෙතොල් අඳුරු පැහැයෙන් තිබීමට වඩා  දෙතොල් රත් පැහැය රෝස පැහැයෙන් තිබීම පිරිමින්ගේ ආකර්ෂණයට බදුන් වෙයි.

 

3. වැඩුණු පියයුරු

 

ගැහැණු පියයුරක වැඩි කොටසක ඇති මේද පටක මගින් එයට රවුම් හැඩයක් සහ පිරිපුන් ස්වභාවයක් ලැබී ඇත. මෙසේ පියයුරු රවුම් හැඩය ගැනීම පිරිමින්ගේ ආකර්ශනයට හේතු වේ. එසේම තනපුඩුව ආශ්‍රිත ඇති කුඩා ග්‍රන්ථි මගින් නිකුත් කරන සුගන්ධය ඔවුන්ගේ මොළයට ප්‍රබල ලෙස බලපෑම් කරන බව හෙළි වී ඇත.

 

3. දිගු දෙපා

 

වටකුරු,පෘෂ්ටිමත්, මේදය සහිත, දිගු දෙපා වලට පිරිමි මෙහිදී වැඩි අවධානයක් යොමු කරති. දෙපා වල මෙම ලක්ෂණ ගැහැණු පිරිමි වෙනස පැහැදිලිව පෙන්වන සාධක වේ. උස් පා  විලුඹ සහිත පාවහන් මෙතරම් ප්‍රචලිත ව ඇත්තේ එහෙයිනි.

 

4. රවුම් හැඩැති උකුල

 

 

දහනමවැනි සියවසේ දී ගැහැණිය ඇගේ උකුළ හා තට්ටම් විශාල බව පෙන්වීම සඳහා සායට යටින් ඒ විහිදුවා පෙන්වන රාමුවක් පැලඳිය යුතු විය . සිහිනිඟ හා පූළුලුකුල ලබා ගැනීම මෙහි අරමුණ වෙයි. ගැහැණියකගේ උකුල හා ඉන අතර අනුපාතය 70% - 80% ත් අතර පැවතිය යුතු ය.

 

5. අඩ රවුම් වූ තට්ටම්

 

මව්කිරි දෙන සමයේ දී ප්‍රයෝජනයට ගැනීමට හා හදිසි අවශ්‍යතා වලදී මේද පටකයේ අවශ්‍යතාව සඳහා ගැහැණුන්ගේ තට්ටම් වල මේදය ඉතා විශාල ප්‍රමාණයක් ගබඩා කොට ඇත. උස් විලුඹ ඇති පාවහන් පැලඳීම මගින් ද තට්ටම් වල විශාල භාවය වැඩි කර පෙන්විය හැක.

 

6. ආකර්ෂණීය ඇස්

 

ආකර්ෂණීය ගැහැනියගේ මුහුණේ ලක්ෂණයක් වන්නේ කුඩා නිකට සහිත හා මුහුණට සාපේක්ෂව විශාල ඇස් තිබීමයි. කාටුන් ශිල්පීන් ඔවුන්ගේ නිර්මාණවල දී වැඩි ආකර්ෂණයක් ලබා ගැනීම සඳහා විශාල ඇස් යොදා ගන්නේ මේ නිසාවෙනි.

 

 

 

 

 

 

by Nuwandara Mudalige

views

644 Views

Comments

arrow-up