සූරාරායි පොටෘ (Soorarai Potru) - VIDEO
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

සූරාරායි පොටෘ (Soorarai Potru) - VIDEO

සූරාරායි පොටෘ (Soorarai Potru) - VIDEO

ගුවන් ටිකට් පතක් නොමිලේ ලබා දෙනවනම් ගුවනින් යන්න අකමැති කවුරුහරි ඉන්නවනම් ඒක පුදුමයට කාරණයක්. විශේෂයෙන්ම තවමත් දියුණු වෙමින් පවතින රටක් වන ශ්‍රී ලාංකික බොහෝමයකට ගුවන් ගමන් කියන්නේ දැරිය නොහැක්කක්. ඒයට හේතුව සාමාන්‍ය වැටුපක් ලබන පුද්ගලයෙකුට ගුවන් ටිකට් පතක මිල දැරිය නොහැකි බවයි. ලෝක බලවතෙක් වුණත් ඉන්දියාව තුළ තත්වයත් ඊට නොදෙවෙනි යි. අති බහුතර දුගී ජනතාවක් සිටින ඉන්දියාවේත් ගුවන් ගමන් සීමා වෙන්නේ ඒ සදහා බරපැණ දැරිය හැකි ධනවත් පන්තියටයි.

 

 

 

එවන් තත්වයක් තුළ ධනවත් පන්තියට පමණක් සීමා වෙලා තිබුණු ගුවන් ගමන් අඩු මුදලකට තමන් නියෝජනය කරන දුගී ජනතාවට ලබා දීමට එක් තරුණයෙක් ඔහුගේ බිරිඳ සහ යහලුවන් දෙදෙනෙකු සමඟ පුදුමාකාර වෙහෙසක් ගන්නවා. ඔවුන්ගේ සිහිනය අඩු පිරිවැය ගුවන් සමාගමක් ආරම්භ කිරීම. දැවැන්ත ඒකාධිකාරයක් පවත්වාගෙන යාමට දතකන ගුවන් සමාගම් වල තර්ජන, නොයෙකුත් අඩත්තේටම්, හිරිහැර, අභියෝග මධ්‍යයේ මේ තරුණයින්ට හැකි වෙනවා රුපියලේ ටිකට් පතකට දුගී ජනතාව ගුවනින් රැගෙන යාමට. සියලුම ඉන්දියානුවන්ව ගුවනින් රැගෙන යාමේ අති දැවැන්ත සිහිනයක් හඹා යන ජී. ආර්. ගෝපිනාත් මහතාගේ ජීවිත කතාව අලලා ඔහු විසින්ම රචනා කරන ලද සිම්ප්ලි ෆ්ලයි ඩෙකන් (Simplyfly Deccan) කෘතිය ඇසුරෙන් නිෂ්පාදනය කල සූරාරායි පොටෘ (Soorarai Potru) චිත්‍රපටය ගැන තමයි මේ ලිපිය.

 

 

සූරාරායි පොටෘ චිත්‍රපටය, ඩ්‍රාමා ෆිල්ම් කැටගරි එකට තමයි අයත් වන්නේ.එය සුධා කොන්ගාරගේ(Sudha Kongara) අධ්‍යක්ෂණයක් වන අතර සුපිරි දකුණු ඉන්දීය නලු සූර්‍යාගේ (Suriya) සහ ගුනීට් මොන්ගාගේ (Guneet Monga) සම නිෂ්පාදනයක්.මෙහි ප්‍රධාන චරිත, සූර්‍යා, පරේෂ් රාවල්, අපර්ණා බාලමුරලි විසින් රග දක්වන අතර අනිත් සහය චරිත වලට උර්වශී, මොහාන් බාබු සහ කරුණාස් විසින් රංගනයෙන් දායක වනවා.පවතින කොව්ඩ් 19 වසංගතය හේතුවෙන් මෙහි දර්ශන කටයුතු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඇමේසන් ප්‍රයිම් වීඩියෝ හරහා 2020 වසරේ නොවැම්බර් 12 වෙනිදා ප්‍රෙක්ෂකයන්හට මුදා හැරියා. ඊට සමගාමීව මලයාලම්, ටෙලිගු සහ කන්නඩ භාෂාවන්ගෙන් හඩ කවන ලද සැකසුම් පවා මහජන ප්‍රදර්ශනයට මුදා හැර තිබෙනවා.78 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ ප්‍රදර්ශනයට තෝරාගත් හොඳම ඉන්දියානු චිත්‍රපට 10 අතරට ඇතුළත් වීමට සමත් වූ අතර සූර්‍යාගේ රංගනය සහ කොන්ගාරගේ අධ්‍යක්ෂණය බොහෝ දෙනේකුගේ පැසසුමට ලක්වුණා.එමෙන්ම එය 93 වෙනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂවරයා අතුළු සම්මාන රැසකට නිර්දේශ වීමට නියමිත වෙලා තිබෙනවා.නොසැලෙන ධෛර්යයකින් තම අරමුණු හබායන මේ තරණයාගේ කතාව සෑම දෙනෙකුටම ආදර්ශයක් සපයන බව පැවසිය යුතුමයි.

 

 

views

705 Views

Comments

arrow-up