දැඩි මතභේදයකට තුඩු දුන් Remember Me (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

දැඩි මතභේදයකට තුඩු දුන් Remember Me (VIDEO)

දැඩි මතභේදයකට තුඩු දුන්  Remember Me (VIDEO)

වැම්පයර් චිත්‍රපට බලන්නට කැමති අය අතරින් රොබර්ට් පැටින්සන් (Robbert Pattinson) ගැන නොදන්නා කෙනක් සිටිනවනම් එය පුදුමයෙනුත් පුදුමයක්. ට්වයිලයිට් (Twilight) චිත්‍රපට මාලාව හරහා අතිශය ලෙස ජනාදරයට පත් වුණු රොබර්ට් පැටින්සන් තවත් ජනප්‍රිය වගේම ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක් වන රෙමෙම්බර් මී (Remember Me) චිත්‍රපටය ගැන තමයි මේ ලිපිය.

 

මෙම චිත්‍රපටය නිකුත් වෙන්නේ 2010 වසරේදී. ඒ ට්වයිලයිට් කතා මාලාව නිසා රොබර්ට් පැටිසන්ගේ ජනප්‍රියත්වය උපරිමයටම ගොස් තිබුණු කාලවකවානුවේදී.

 

විවිධ ගැටලු වලට මුහුණ දෙමින් වුවත් ඉතා අපූරුවට ගලාගිය එඩ්වර්ඩ්ගේ සහ බෙලාගේ ආදර කතාව වගේම තවත් ආදර කතාවක් ලෙස තමයි Remember Me චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු සිදු කළේ.

 

 

මේ කතාව පාදක වෙලා තිබෙන්නේ ටයිලර් (Tyler) සහ ඇලී (Ally) නම් තරුණ යුවලක් වටා. මොවුන් දෙදෙනා විශාල ලෙස මානසික පීඩනයකට ලක්වුණූ යුවලක්.තරුණයා තමන්ගේ සොහොයුරාගේ සියදිවි නසා ගැනීම නිසාත් තරුණිය තමන්ගේ මව ඝාතනය වනවා දැකීම නිසාත් කම්පනයට පත් වී සිටින සමයක තමයි ඔවුන්ගේ ආදර සම්බන්ධතාව ආරම්භ වන්නේ.

 

කෙසෙවෙතත් තරුණිය විසින් සගවාගෙන සිටින යම් රහසක් දැනගැනීමට ලැබීමෙන් ඔවුන් දෙදෙනා විරසක වනවා වගේම අවසානයේදී තරුණයා සිදුකරන දෙයින් ප්‍රේක්ෂකයන් භීතියටත් මවිතයටත් පත්වෙනවා. මෙවැනි අවසානයකින් චිත්‍රපටය නිමා වෙන නිසාම මෙම චිත්‍රපටයට දැඩි විවේචන එල්ල වෙලා තිබෙනවා.

 

Remember Me චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඇලන් කෝල්ටර් (Allen Coulter) විසින් සහ තිරපිටපත විල් ෆෙටර් (Will Fetter) විසින් සිදුකර තිබෙනවා. සුපිරි හොලිවුඩ් නළු නිළියන් වන රොබර්ට් පැටින්සන්, (Robert Pattinson) එමලි ඩි රාවින් (Emillie De Ravin) ක්‍රිස් කූපර් (Chris Cooper), ලීනා ඔලින් (Lena Olin) සහ පියර්ස් බ්‍රොස්නන් (Pierce Brosnan) විසින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

 

 

විනාඩි 108ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය අන්ඩර්ග්‍රවුන්ඩ් ෆිල්ම්ස් (Underground Films) සමාගමේ නිෂ්පාදනයක් වගේම සමිට් එන්ටටේන්මන්ට් (Summit Entertainment) බෙදාහැරීමක්.

 

Remember Me චිත්‍රපටයේ මංගල ප්‍රදර්ශනය නිව්යෝර්ක් නුවර පැරිස් රංගහලේදී , 2010 මාර්තු 01 වෙනිදා සිදුකල අතර මාර්තු 12 වෙනිදා සිට ලොව පුරා ප්‍රදර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

 

ඇමරිකානු ඩොලර් මිලියන 16ක බරපැනකින් නිපදවූ Remember Me චිත්‍රපටය විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ විවේචනයට ලක් වුණත් ඇමරිකානු ඩොලර් මිලියන 56ක ආදායමක් උපයා ගැනීමට සමත් වී තිබෙනවා.

 

 

 

 

 

 

by Nimanthi Muthukudaarachchi

Photo source : Internet

 

views

629 Views

Comments

arrow-up