සුරූපී සනී ලියෝන්ගේ දියණියගේ උපන්දිනය සැමරූ හැටි - (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

සුරූපී සනී ලියෝන්ගේ දියණියගේ උපන්දිනය සැමරූ හැටි - (PHOTOS)

සුරූපී සනී ලියෝන්ගේ දියණියගේ උපන්දිනය සැමරූ හැටි - (PHOTOS)

නිල් නිළියක් ලෙස කරළියට පැමිණ පසුව බොලිවුඩයේ සුරූපී නිළියක් බවට පත්වුණු සනී ලියෝන්ව නොදන්න කෙනෙකු නොමැති තරම්...

ඇය නිල් නිළියක් ලෙස හංවඩු ගැහුවා වුණත්, "හිත හොඳ නිළියක්" වුනු ඇය අනාථ දරුවන්ට වගේම, අසරණ පිරිස් බොහෝ දෙනෙකුට උපකාර කරන කෙනෙක්.

දරු පැටවුන් තුන් දෙනෙකුට හිමිකම් කියන සනීගේ පළමු දරුවා, ඇය හදාවඩා ගැනීමට ගත් අනාථ දරුවෙකු වීම ද විශේෂ යි.

නිෂා වෙබර් නම් වූ එම දියණියගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් සනී, ඇගේ මුහුණු පොතට ආදරණීය සටහනක් සමඟ ඡායාරූප කිහිපයකුත් එකතු කරලා තිබුණේ මෙහෙමයි.

"නිෂා වෙබර් නම් මගේ විශේෂ දියණියට සුබ උපන්දිනයක්. ඔබට අද වයස අවුරුදු 6ක් වනවා. මට ඒක විශ්වාස කරන්න අමාරුයි. දැන් ඔබ ලොකු ගැහැනු ළමෙක්. ඔබේ තාත්තයි මමයි ඔයාට ගොඩක් ආදරෙයි.. ඔයයි අපේ ජීවිතේ ආලෝකය..!!"

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

1561 Views

Comments

arrow-up