කවුද මේ "ස්ත්‍රී"? (Stree Movie) - VIDEO
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

කවුද මේ "ස්ත්‍රී"? (Stree Movie) - VIDEO

කවුද මේ "ස්ත්‍රී"? (Stree Movie) - VIDEO

ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් සිටින නිවෙස් ඉදිරිපිට"බාලගිරි දෝශය අද නෙමේ හෙට" වැකිය ගොඩක් වෙලාවට දකින්නට තිබෙනවා. ඒ හා සමාන "ස්ත්‍රිය අද නෙමේ හෙට පැමෙණෙන්න" යන වැකිය ඉන්දියාවේ කර්නාටක ප්‍රදේශයේ මිනිසුන් නිවෙස් ඉදිරිපිට වවුලන්ගේ ලේ වලින් ආලේප කර තැබීමට පුරුදු වී තිබෙනවා. එම වැකිය පදනම් කරගත් කතාවක් වටා ගෙතෙන බොලිවුඩ් චිත්‍රපටයක් වන "ස්ත්‍රී" (Stree) ගැන තමයි මේ ලිපිය.

 

"ස්ත්‍රී" චිත්‍රපටය හොරර්/කොමඩි කැටගරි එකට තමයි අයත් වන්නේ. කලක් එම ප්‍රදේශයේ වාසය කළ සුරූපී ගණිකාවකගේ අවතාරය තමයි මේ ස්ත්‍රී ලෙස හදුන්වන්නේ.

 

 

ඇයට ඇත්තටම ආදරේ කල තරුණයෙක් ඇයව විවාහ කරගැනීමට කැමති වෙනවා. නමුත් ඇගේ පහස ලැබීමට පුරුදු වී සිටි එම ප්‍රදේශයේ පිරිමින්ට එය අතුල් පහරක්. ඔවුන් මේ කාන්තාව සහ ඇගේ පෙම්වතාව විවාහයට පෙර රාත්‍රියේ ඝාතනය කරනවා. එතන් පටන් තමන්ට අහිමිවී ගිය අවංක ආදරය සහ මංගල රාත්‍රිය සොයමින් මේ කාන්තාවගේ අවතාරය එක් පූජාවක් කාලයට එම ප්‍රදේශයට ගොස් තනිපංගලමේ ගමන් කරන පිරිමින්ගේ ඇදුම් පමණක් ඉතිරි කරමින් ඔවුන්ව රැගෙනයනවා.

 

 

මෙම අවතාරයෙන් ගම බේරාගැනීමට විකී නම් තරුණයෙක්, ඔහුගේ යහළුවන් දෙදෙනා, එම ගමේ මහාචාර්යවරයෙක් සහ පූජාව කාලයට පමණක් ගමට එන තරුණියක් කටයුතු කරනවා.

 

 

විකී නම් තරුණ ඇදුම් මසන්නාගේ චරිතය රාජ්කුමාර් රාඕ විසින් රග දකවන අතර ගමට පැමිණෙන අභිරහස් තරුණියගේ චරිතයට සුපිරි බොලිවුඩ් නිලි ශ්‍රද්ධා කපූර් විසින් පන පොවනවා. ඔවුන් දෙදෙනාට අමතරව පන්කාජ් ට්‍රිපටි, අපර්ශක්ති කුරානා, අභිශේක් බෙනර්ජී තම රංගන දායකත්වය ලබා දෙනවා. "ස්ත්‍රී" අමාර් කවුශික්ගේ මංගල චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර එහි නිෂ්පාදන කටයුතු දිනේෂ් විජාන් සහ රාජ් ඇන්ඩ් ඩී.කේ. විසින් සිදුකර තිබෙනවා.

 

 

2018 අගෝස්තු 30 වෙනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සහ අගෝස්තු 31 ඉන්දියාවේදී ප්‍රදර්ශන කටයුතු ආරම්භ වන "ස්ත්‍රී" චිත්‍රපටයේ ප්‍රදර්ශන කාලය විනාඩි 128ක්.මෙම චිත්‍රපටය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් වුණත් ගැටලු සහහත සහ නොවිසඳුණු අවසානය නිසා විවේචනයන්ටද භාජනය වුණා. ඒ කෙසේ වෙතත් ඉන්දීය රුපියල් කෝටි 20ක වියදමකින් නිපදවූ "ස්ත්‍රී" ඉන්දීය රුපියල් කෝටි 180කට වැඩි ආදායමක් ලබන්නට සමත් වෙනවා.

 

එමෙන්ම 64වෙනි ෆිල්ම් ෆෙයා සම්මාන උලළේ හොදම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා සහ හොඳම සහය නළුවා ඇතුළුව සම්මාන 10කට නිර්දේශ වුණු අතර එයින් හොඳම මංගල අධ්‍යක්ෂණයට හිමි සම්මානය අමාර් කවුශික් විසින් දිනාගනු ලබනවා.

 

"ඇත්තටම කවුද මේ ස්ත්‍රී?" කියන ප්‍රශ්නය නරඹන්නන්ගේ සිත්වල ඉතිරි කරමින් ඔවුන්ගේ කෘතුහලය වැඩිකරමින් මෙම චිත්‍රපටය අවසන් වනවා.

 

 

 

 

 

 

 

 

 

 

by Nimanthi Muthukudaarachchi

Photo source : Internet

Video source : Youtube

views

1058 Views

Comments

arrow-up