මැලේසියාවේ ජෝර්ජ් ටවුන් වල සවාරියක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

මැලේසියාවේ ජෝර්ජ් ටවුන් වල සවාරියක්

මැලේසියාවේ ජෝර්ජ් ටවුන් වල සවාරියක්

පසුගිය වසරේ ලොව වටා අඩු වියදම් ගමනාන්ත අතරට එක්වූ තවත් ස්ථානයක් තමයි මැලේසියාවේ ජෝර්ජ් ටවුන් කියන්නේ. පැනන් මැලේසියානු ජනපදයේ අගනගරය හඳුන්වනු ලබන්නේ ජෝර්ජ් ටවුන් කියන නමින්. මේ නගරය පැනන් දූපත සහ ඒ වටා කුඩා දූපත් වලින් සමන්විත වෙනවා. ලක්ෂ 7කට අධික ජනතාවක් වාසය කරන මෙම නගරයේ මැලේසියාවේ තුන්වෙනි ජනාකීර්ණ නගරය ලෙස හඳුන්වනවා. 2008 වසරේදී ජෝර්ජ් ටවුන් නගරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණා. මෙහි ඇති නැගෙනහිර සහ ගිණිකොණ දිග ආසියාවට නෑකම් කියන සංස්කෘතික හා ගෘහ නිර්මාණ ශිල්පීය වටිනාකම ඇති ගිණිකොණ ආසියාවේ විශාලතම ප්‍රාග් යුද සමයට අයත් ගොඩනැගිලි සංඛ්‍යාව රැකී පැවැත්ම සඳහා ලෝක උරුමයක් ලෙස මෙය නම් කරනු ලැබුවා.

චීන මැලේ බ්‍රිතාන්‍ය බලපෑම නිසා ජෝර්ජ් ටවුන් වල ඇත්තේ මිශ්‍රණ සංස්කෘතියක්. ජෝර්ජ් ටවුන් සංචාරක ක්ෂේත්‍රයේ වැදගත් ස්ථානයක් හිමිකර ගැනීමට හේතුවී තිබෙන්නේ එහි විවිධ සංස්කෘතික පැවැත්වීම් විවිධ රසවත් ආහාර වට්ටෝරු ගෘහ නිර්මාණ ශිල්පය හා විවිධ ජාතීන්ගේ සම්මිශ්‍රණයයි. ලෝක උරුමයක් ලෙස නම් කර ලැබූ එම නගරයේ සංචාරයේදී වැදගත් ස්ථාන රාශියක් නැරඹීමට අවස්ථාව ලැබෙනවා.

 


මැලේසියාවේ ඇති පැරණිතම බලකොටු වලින් එකක් වන ෆෝට් කෝර්නවලිස් බලකොටුව සර් ෆැන්සිස් විසින් මුලින්ම ගොඩබැසි ස්ථානය සිහිවීම පිණිස ඉදිකරනු ලැබූවක්. පැනන් දේශය සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ ඔහුටයි. වට් චයමංගලාරම් කියන්නේ තායි සම්ප්‍රදානුකූල බුදුමැදුරක්. මෙය 1845 දී ඉදිකරන ලද්දක්. මෙහි ඇති දැවැන්ත සැතපෙන බුදුපිළිමය දිගින් මීටර් තිස් තුනක් වන අතර එය ලොව දිගම බුදු පිළිමය ලෙස ප්‍රසිද්ධයි. කපිතාන් කෙලිං මොස්ක් කියන්නේ මුස්ලිම් පල්ලියක් වන අතර ඒ ඉන්දියානු වෙළෙන්දකු වූ කෞදීර් මොහුදීන් විසින් නිමවන ලද්දක්. නගරයේ පැරණිතම මුස්ලිම් පල්ලිය වන මෙය පසුගිය වසර 200තුළ ප්‍රදේශවාසී මුස්ලිම් ජනතාවගේ ගෞරවණීය වන්දනයට යොමු වූහ වූ දේවස්ථානයක් ලෙස සැලකෙනවා. රෙපරමාදු සුසාන භූමිය පැනන් හි පැවති යටත් විජිත පාලනය පිළිබඳ සාක්ෂියක් ලෙස සැලකෙනවා. මෙම වැදගත් ඓතිහාසික උරුමය මැලේසියාවේ ඇති පැරණිතම ක්‍රිස්තියානි සුසාන භූමිය ලෙස සැලකෙනවා. ජෝර්ජ් ටවුන් හි නිර්මාතෘවරයා වූ කැප්ටන් ෆ්‍රැන්සිස් ලට්ටිගේ සොහොනේද මේ සුසාන භූමියේ ඇති බව සඳහන් වෙනවා. එහි භූමදානය කරන ලද වැඩි දෙනා වයස සීමාව 50ට එළඹ නොතිබූ අය වීම විශේෂයි.

පරිසර හිතකාමීන් මෙන්ම සුන්දර සංචාරක අත්දැකීම් ප්‍රිය කරන්නන්ටද වෙරළ හා වනජීවී අත්දැකීම් ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නන්ටද ජෝර්ජ් ටවුන් කියන්නේ හොඳ සංචාරක ගමනාන්තයක්. සමාජය ගැන අධ්‍යනය කරන්නන්ට මෙහි ඇති හොඳ සංස්කෘතික සම්මිශ්‍රණය සහජීවනය වගේම උසස් ජීවන පැවැත්ම දැනුම් සම්භාරයක් එකතු කරනවා.

 

 

 

 

 

 

by Dilki Shamani

 

views

887 Views

Comments

arrow-up