සුන්දර ඩෙල්ෆ් සංචාරය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

සුන්දර ඩෙල්ෆ් සංචාරය

සුන්දර ඩෙල්ෆ් සංචාරය

අපි ඩෙල්ෆ් කියා හදුන්වන දූපත ලන්දේසි යුගයට පෙර හඳුන්වනු ලැබුවේ පසුතිව් නැත්නම් ගවයන්ගේ දූපත යන අර්ථයෙන් කෙදුන්තිවු යන නාමයෙන්. පෘතුගීසීන් විසින් මේ දූපත හදුන්වාදී ඇත්තේ ඉල්හා දාස් වකා නමින්. ලන්දේසීන් තමයි මෙය ඩෙල්ෆ්ට් නමින් හඳුන්වනු ලැබුවේ. මුළු දූපතම ආසන්න වශයෙන් හෙක්ටයාර 4700 ක් පමණ වන අතර එහි ජනගහනය 5000ටත් අඩුයි.

ඩෙල්ෆ්ට් දූපතට පැමිණීමට යාපනයේ සිට පැයකුත් විනාඩි විස්සක් පමණ බෝට්ටු ගමනක යෙදිය යුතුයි. දවසකට උදේ වරුවේ දූපතට යෑමට බෝට්ටු වාර දෙකකුත් දූපතේ සිට නැවත පැමිණීමට බෝට්ටු වාර දෙකකුත් ක්‍රියාත්මක වෙනවා. සංස්කෘතික හා භෞමික විෂමතාවක් දක්නට ලැබෙන මෙය ඒවා අධ්‍යනය කරන්නෙකුට ඩෙල්ෆ්ට් කියන්නේ පාරාදීසයක්. ඩෙල්ෆ්ට් ස්වභාවයෙන්ම වියළි ශුෂ්ක පරිසරයකට උරුමකම් කියනවා. පසුගිය සමයේ දූපතට වැසි ලැබීමත් සමග කැලෑ අශ්වයන් රංචු පිටින් තණ බිම් වල නිදැල්ලේ සැරිසරනු දක්නට ලැබුණා. නියං සමයේ කෑමට තණ සහ බීමට ජලය නොමැතිව කැළෑ අශ්වයන් සුළු පිරිසක් මරණය වැළඳගත් වැසි කාලය එළඹීමත් සමඟ ඔවුන් නැවත අභිජනනය පටන් අරගෙන තියෙනවා. පහසුකම් අඩු මේ දූපතේ මහා මාර්ග ඒ තරම් හොඳ තත්වයේ නැහැ. සංචාරකයන්ට මේ දූපත නැරඹීමට යා හැකි වන්නේ ලොරි රථයක නැත්නම් ත්‍රී රෝද රථයකයි. දූපතේ කාර් හෝ සැප පහසු වාහන කිසිවක් හෝ නැහැ.

හිරු රශ්මිය ගැන වගේ වගක් නැතුව ගම් වැසියන් දෛනික කටයුතු කරන ආකාරය මෙහි සංචාරය කරන්නෙකුට දැක ගත හැකි වෙනවා. එහි සංචාරය කරන්නෙකුට නැරඹිය හැකි සුවිශේෂී ස්ථාන කිහිපයක් තියෙනවා. ඒ අතර පරණ පෘතුගීසි කොටුව බයෝබාබි ගස ලියලන ගල ප්‍රදීපාගාර කුලුණ කැලෑ අශ්වයෝ එකිනෙක හා වේලුනු නුග කොහොඹ තල් ගස පැරණි අශ්වගාල අශ්වයන් ගවයන් නෑවීමට භාවිතා කළ ස්ථානය සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රමුඛ වෙනවා.

අරාබි වෙළෙඳුන් විසින් ඩෙල්ෆ්ට් දූපත වෙත ගෙනගියා යැයි විශ්වාස කෙරෙන බයෝබාබි ගස වැසි සහිත කාලගුණය නිසා හොඳින් ලියලා වැඩෙනවා. එය නියං සමයට එක කොළයක්වත් නැති වන ලෙස හැලී යනවා. මෙහි කීප දෙනකුට සැඟවිය සිටිය හැකි පරිදි බෙනයක් දක්නට ලැබෙනවා. පෞරාණික විශාල ගසක් වන මෙහි කොළ ගෙඩි ආහාරයට ගත හැකි වෙනවා.

ඩෙල්ෆ්ට් දූපතේ සියලු තාප සකස් කර තියෙන ස්වභාවික කොරල් වලින්. ඒ කොරල් ගල් ලබාගන්නේ හුවමාරු ක්‍රමයට. මේ කොතනකවත් කොරල් ගල් රැඳවීම සඳහා සිමෙන්ති භාවිතා කරන නැහැ. ඒවා එකිනෙක පූට්ටු කර සුන්දර ස්වභාවික තාප්ප ඉදි කර තියෙනවා. ඩෙල්ෆ්ට් දුපතේ විශේෂයෙන්ම පරක් තෙරක් නොපෙනෙන කෝමාරිකා වගාවන් දක්නට ලැබෙනවා. ඓතිහාසික පෞරාණික භාවයෙන් මෙන්ම දූපතට විශේෂ වූ භෞමික විෂමතාවලින් ගහනය ඩෙල්ෆ් සංචාරය කරන්නෙකුට කදිම පාරාදීසයක්. මුහුදු රළ දිගින් දිගටම වැදීම නිසා මැරුණු කොරල් හා හුණු ගල් සහිත වෙරළ වෙන කිසිදු වෙරළකට සමාන කරන්න අපහසුයි. වෙනස්ම සුන්දරත්වයත් එහි සංචාරය කරන්නකුට අත්විදින්න අවස්ථාව ලැබෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

views

957 Views

Comments

arrow-up