ඔබ නොදත් පෘතුගාලය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

ඔබ නොදත් පෘතුගාලය

ඔබ නොදත් පෘතුගාලය

යුරෝපයේ ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස සැලකෙන්නේ පෘතුගාලයේ ලිස්බන් නුවරයි. නමුත් පෘතුගාලය සංචාරය කිරීමට වටින තවත් නගර රැසකින් සමන්විතයි. මේ සූදානම් වන්නේ සංචාරක පුරවරයක් වූ පෘතුගාලය ගැන ඔබට කියන්න. ලිස්බන් නුවර සේම පෘතුගාලයේ දෙවන නගරය වන පෝර්ටෝ එහි රිබිරා දිස්ත්‍රික්කය පුරාණ ගල් කැට සහිත වීදි සහ නිවාසවලින් පිරී තිබේ. විශේෂයෙන්ම එය ප්‍රසිද්ධ පෝර්ට් වයින් සඳහයි. මීට අමතරව කොයිම්බ්‍රා (Coimbra), බ්‍රාගා (Braga), එවෝරා (Evora) වැනි ඉතිහාසයේ ගිලී ඇති තවත් නගර රැසකි. මේ සියල්ලම පොහොසත් ඉතිහාසයක් සහ අලංකාර ගෘහ නිර්මාණ ශිල්පයක් ඇති නගරයන් වේ.

 

පෘතුගාලයේ සංචාරය අතර තුර 16 වන සියවසේ මිනිස් හිස් කබල් හා ඇටකටුවලින් සරසා ඇති දේවස්ථානයකට එවෝරා හිදී ඔබට සංචාරය කළ හැකි බව දන්නවාද? මන බඳින වෙරළ දර්ශන සඳහා නිවහන වන පෘතුගාලයේ දකුණේ අල්ගාර්ව කලාපය ඇදහිය නොහැකි කඳු සහ පාෂාණවලින් පිරී ඇති රන්වන් වැලි තලා සඳහා ඉහළ ප්‍රසිද්ධියක් දරයි. එසේම මෙතෙක් ලොව විශාලතම රැල්ල සඳහා නිල ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ පෘතුගාලයේ නසරේ හි ප්‍රායා ඩු නොර්ට වෙරළ තීරයයි. මේ නිසා පෘතුගාල වැසියන් මෙන්ම දිනපතා පැමිණෙන සංචාරකයන් මෙවැනි මුහුදු වෙරළවල්වල තම නිවාඩුව ගත කිරීමට මහත් රුචියක් දක්වයි. පෘතුගීසි ජාතිකයන් අතර ජනප්‍රිය කෑමක් වන්නේ චිකන් පිරි පිරි ය. එය මිරිස් සෝස් හෝ පේස්ට් වලින් ආවරණය කළ කුකුල් මස් කෑලි වලින් නිර්මාණය කරයි .

 

මිරිස් හා ගම්මිරිස් 16 වන සියවසේදී ඉන්දියාවට හඳුන්වා දුන්නේ පෘතුගීසි නාවිකයින් බව ඔබ දන්නවාද? එසේම ටෙම්පුරා නම් ජපානයේ ප්‍රධාන ජපානයට මෙය හඳුන්වා දුන්නේ පෘතුගීසීන් බව බොහෝදෙනෙක් කරුණකි. මෙම සොඳුරු රාජ්‍යයේ අවාසනාවන්ත සිදුවීම නම් 80 සහ 90 දශකවල පෘතුගාලය හෙරොයින්වලට ඇබ්බැහි වීමේ ග්‍රහණයේ පැවතීමයි. එරට සෑම තරාතිරමකම ජනගහනයෙන් 1% ක් බැංකුකරුවන්, ශිෂ්‍යයන්, සමාජවාදීන් හෙරොයින්වලට ඇබ්බැහි වී තිබේ. ඔවුන් අතර ඉඳිකටු බෙදාගැනීමේ පුරුද්ද නිසා පෘතුගාලයෙන් මුළු යුරෝපීය සංගමය තුළම වැඩිම එච්.අයි.වී. ආසාධිතයින් සංඛ්‍යාවක් වාර්තා වේ. මේ නිසාම රට තුළ දැඩි නීතිරීති ක්‍රියාත්මක කළ අතර 2001 දී පෘතුගාලය සියලු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ පරිභෝජනය තහනම් කළ පළමු රට බවට පත්විය. මීට අමතරව මත්ද්‍රව්‍ය භාවිතයෙන් වන හානිය අවම කරගැනීමට අවශ්‍ය උපදේශන සේවා සහ අනෙකුත් උපකාරක සේවා රටතුළ බහුලව ක්‍රියාත්මක වේ.

 

 

 

 

 

 

by Dilki Shamani

views

963 Views

Comments

arrow-up