10 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව : ආනුශාංගික කලා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

10 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව : ආනුශාංගික කලා

10 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව : ආනුශාංගික කලා

නාට්‍ය වනාහි සාමූහික කලාවකි.කලාවන් කිහිපයක එකතුවෙන් මෙය සෑදීම එසේ වීමට හේතු වේ.

 

සංගීතය, නර්තනය, චිත්‍ර, විද්‍යාව, ගණිතය, සිංහල, ආගම වැනි බොහෝ විෂය දැනුමින් මෙයට දායක වේ. නාට්‍යයකදී ස්වභාවිකව සිදුවන දෑ අනුකරණය කිරීමෙන් කරනු ලබයි. පරිකල්පන ශක්තියෙන් අපි අසන, දකින දේ වේදිකාවක් මත ප්‍රතිනිර්මාණය කිරීම ද කළ හැක.

 

ආදේශක භාණ්ඩ යොදා ගෙන හඬ, ශබ්ද, වර්ණ, හැඩතල, ගීත, කවි යොදා ගනිමින් නාට්‍යයක් ලෙස ඉදිරිපත් කළ හැක. එසේ නාට්‍යයට දායක කරන ලද කලාවන් ආනුෂාංගික කලාවක් ලෙස හදුනාගත හැක.

 

වේෂභූෂණ, අංග රචනය, සංගීතය, නැටුම්, නාට්‍යෝචිත වේ. භාණ්ඩ භාවිතය යනාදිය ආනුශාංගික කලා ගණයට අයත් වේ.

views

579 Views

Comments

arrow-up