10 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව : කදා වළලු නාට්‍ය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

10 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව : කදා වළලු නාට්‍ය

10 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව :  කදා වළලු නාට්‍ය

මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් රචනා කළ කදා වළලු නාට්‍ය සේරිවාණිජ ජාතකය පදනම් කරගෙන ගුවන්විදුලි නාට්‍යයක් ලෙස රචනා කර ඇත. පසුව මෙය වේදිකා නාට්‍යයක් බවට පත්කර 1958/09/06 බොරැල්ල තරුණ බෞද්ධ සමිතියේ දී රඟ දක්වන ලදී.

 

සේරිවාණිජ ජාතකය තුළ ඇති කථාවස්තුව මුල, මැද, අග යන සම්බන්ධතාවයෙන් යුතුව කදා වලලු නමින් රචනා වී ඇත.වෙනත් ජාතක කතා බෝධිසත්ව චරිතයෙන් නම් කර තිබුණද මෙය සුන ගුණ ඇති සේරි වෙළෙන්දාගේ නමින් නම් කර ඇත.කදාවලලු නාට්‍ය තුළද සේරිවාණිජ වෙලෙන්දාගෙ චරිතය කැපීපෙනේ. ඒ සඳහා විචිත්‍රවත් ඇදුම් මිහිරි ගායනයන් යොදා ගෙන ඇත.දුෂ්ට ගති පැවතුම් ඇති අය හා ඔවුන්ගේ ක්‍රියාකලාපයන් සමාජයට පෙන්වා දෙමින් එවැනි චරිත චර්යා ප්‍රතික්ෂේප කරමින් මිනිස්සු යහමගට ගැනීමට මේ නාට්‍යයෙන් උත්සහ ගනී.

views

3014 Views

Comments

arrow-up