20ට පක්ෂ වූ විපක්ෂයේ 9ට ආණ්ඩුවේ අසුන්

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 9 දෙනෙකු එම පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා.
ඒ බව සඳහන් ලිපියක් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ. පසුගියදා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගයේ උප ලේකම් ඩයනා ගමගේ මහත්මිය සහ සෙසු මන්ත්‍රීවරුන් 8 දෙනා මෙලෙස පක්ෂයෙන් නෙරපා හැර තිබෙනවා.
ඒ අනුව අදාල මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිබාහිරව ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන ලෙසයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිය ලිපිය මගින් කථානායකවරයගෙන් ඉල්ලා ඇත්තේ.
ඩයනා ගමගේ මහත්මියට අමතරව අරවින්ද් කුමාර්, ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්, නසීර් අහමඞ්, ඒ.ඒ.එස්.එම් රහීම් යන මහත්වරුන් සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපා හැර ඇති පිරිස වනවා.
755 Views
Comments