සතියක් ඇතුළත මධ්‍යම පළාතේ නිෂ්පාදනය අත්හිටුවා ඇති තේ කර්මාන්තශාලා ආරම්භ කිරීමට පියවර ගන්න - අගමැති

මධ්‍යම පළාතේ නිෂ්පාදනය අත්හිටුවා ඇති තේ කර්මාන්තශාලා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකොට සතියක් ඇතුළත එම කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තේ මණ්ඩලයට උපදෙස් ලබා දුන්නා .
තේ කර්මාන්තශාලා 13ක නිෂ්පාදනය අත්හිටුවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ලබාදිය හැකි විසඳුම් සාකච්ඡා කිරීම සඳහා අද(2020.07.17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් දෙනු ලැබීය.
මෙහිදී මධ්‍යම පළාත් තේ කර්මාන්ත කරුවන් සඳහන් කළේ නිසි පරීක්ෂණයකින් තොරව මධ්‍යම පළාතේ තේ කර්මාන්ත ශාලා 13ක නිෂ්පාදනයට අත්හිටුවීමට තේ මණ්ඩලය පියවර ගැනීම නිසා ලක්ෂයක පමණ පිරිසක් මේ වන විටත් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි.
මේ හේතුවෙන් නිසි පරීක්ෂණයක් සිදුකොට එම කොට එම කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පළාතේ තේ කර්මාන්තකරුවන් මෙහි දී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
අදාළ තේ කර්මාන්ත ශාලා සඳහා වෙන වෙනම පරීක්ෂණ කටයුතු සිදු කොට ඉතා ඉක්මනින් කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් තේ මණ්ඩලයේ සභාපතිවරයාට එහිදී උපදෙස් දෙනු ලැබීය.
එලෙසම නීති විරෝධී ආකාරයේ තේ නිෂ්පාදනයක් කර්මාන්තශාලා තුළ සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
803 Views
Comments