හෙට ,අනිද්දා පොළොන්නරුව සහ සීගිරිය යන්න ඉන්න අයට නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
03

හෙට ,අනිද්දා පොළොන්නරුව සහ සීගිරිය යන්න ඉන්න අයට නිවේදනයක්

හෙට ,අනිද්දා පොළොන්නරුව සහ සීගිරිය යන්න ඉන්න අයට නිවේදනයක්

හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින් පිරිස පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක සංචාරය කිරීම නිසා එම ස්ථාන දේශීය සංචාරකයින්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. ඒ අනුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාල අංක 02 සහ ආලාභ පිරිවෙණ සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරිවෙහෙර මෙන්ම ගල් විහාරය, තිවංක පිළිමගෙය හා නෙළුම් පොකුණ යන සංචාරක ස්ථාන හෙට පස්වරු 1.00න් පසු කාලය දේශීය සංචාරකයන්ට විවෘත නොවනු ඇත. ලබන 5 වනදා පෙරවරුවේ එම සංචාරකයන් සීගිරිය සංචාරක කලාපය නැරඹීමට පැමිණෙන බැවින් එදින දහවල් 12.00 දක්වා එම කලාපය ද දේශීය සංචාරකයින්ට විවෘත නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

views

520 Views

Comments

arrow-up